IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


2030 ගල් අඟුරු භාවිතය නැවැත්වීමට රටවල් 50ක ජාත්‍යන්තර සන්ධානයක්

බර්ලින්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර)

වසර 2030 වනවිට බලශක්තිය ජනනය කිරීමේදී ගල් අඟුරු යොදා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට ජර්මනියේ බොන් හි පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්බන්ධ සාකච්ඡාවලදී තීරණය වී තිබේ.

මේ අනුව ඒ සඳහා ජාත්යන්තර සන්ධානයක් නිර්මාණය වී තිබෙන අතර එම සන්ධානය රටවල් 50කට වැඩි සඛ්යාවකින් සමන්විත වේ. ඊට බොන් හි පැවැති සාකච්ඡාවලදී තවත් රටවල් 15ක් සම්බන්ධ වී ඇත. බ්රිතාන්ය, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉතාලිය, ප්රංශය, නෙදර්ලන්තය, පෘතුගාලය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඉතියෝපියාව, මෙක්සිකෝව සහ මාෂල් දූපත් මෙලෙස එකතු වී ඇති රටවල්ය.

මෙම රටවල් 50කට වැඩි සංඛ්යාවක් ලබන වසරේ පෝලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී නැවත වරක් සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සමුළුව පැවැත්වෙන්නේ පෝලන්තයේ කැටෝවිස්හිදි වන අතර කැටෝවිස් යනු යුරෝපයේ පරිසර දූෂණය වැඩිම නගරවලින් එකකි. 

කෙසේ නමුත් බලශක්ති ජනනය ඇතුළු කටයුතු සඳහා ලොව වැඩි වශයෙන්ම ගල් අඟුරු භාවිත කරන රටවල් වන චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය හා රුසියාව මෙම ගිවිසුමට අත්සන් තබා නැත.
එමෙන්ම මෙම තීරණය ගැනුණේ ඩොනල්ඞ් ට්රම්ප් පරිපාලනයේ නිලධාරීන් පිරිසක් දේශගුණ විපර්යාස සීමා කිරීම සඳහා ෆොසිල ඉන්ධන සහ න්යෂ්ටික බලශක්තිය ප්රවර්ධනය කිරීම බලශක්ති සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා දින කිහිපයක් ගත වුණු තැනය.

මෙලෙස ගල් අඟුරු භාවිතය නැවැත්වීම තීරණය ගනු ලැබුවේ 2015 වසරේදී අත්සන් තබන ලද ‘පැරිස් සම්මුතිය’ට අනුව කටයුතු කරමිනි. ලොව ආර්ථිකය ෆොසිල ඉන්ධන භාවිතයෙන් තොර කිරීම 2015 වසරේදී ප්රංශයේ පැරිස් නුවරදී අත්සන් තබන ලද පැරිස් සම්මුතියේ අරමුණකි.

055

 

 



අදහස් (7)

2030 ගල් අඟුරු භාවිතය නැවැත්වීමට රටවල් 50ක ජාත්‍යන්තර සන්ධානයක්

Nandalal DE SILVA - France Saturday, 18 November 2017 11:53 AM

අපේ හිටපු රෙජීමය කොමිස් කුට්ටි බෙදා ගැනීම සඳහා බලශක්ති ජනනය කිරීමේ මුවාවෙන් මෙවැනි ගල් අඟුරු බලාගාරයක් අපේ රටෙත් ඉදිකළා. අති විශාල වියදමක් දරා නැවෙන් බාන ගල්අඟුරු බලාගාරය දක්වා ප්‍රවාහනය කිරීමට දුම්රිය මාර්ගයකුත් හැදුවා... ඒ දිනවල පරිසර හිතකාමීන් මේ ව්‍යාපාරයට සම්පුර්ණයෙන්ම විරුද්ධ වුණා. මෙමගින් විශාල පරිසර දූෂණයක්, දේශගුණික විපර්යාසයක් ඇතිවෙන නිසා. පාවිච්චියෙන් පසුව ඉවතලන අඟුරු කුඩු දමන්නේ කොහේද? කොමිස්ද, රටවැසියාද වැඩිය ලොකු වුණේ? තව වසර කිහිපයක් යනවිට ඔය යකඩ යකා, පරණ දිරාගිය යකඩ වලටවත් විකුණා ගන්න බැරි වේවි. දේශගුණික විපර්යාසයට එරෙහිව ඉතියෝපියාවත් එකතුවී තිබෙන මේ සමයේ අපේ "සකල සිරින් පිරි සිරි ලංකාව" තවමත් ගල් අඟුරු යුගයේ !!

:       271       52

priyantha Monday, 20 November 2017 09:05 AM

අනේ ඔහේට අමු කැවිලද.? කොමිස් ගහලා හරි ගල් අඟුරු බලාගාරය හැදුවේ නැත්නම්. ඩීසල් බලාගාර හදලා අනිත් රටවලට වඩා හතර ගුණයකට විදුලි බිල නග්ගලා, විදුලි බලමණ්ඩලයයි, රටේ ආර්ථිකයයි තවත් වට්ටගන්න තිබුණා. අනිත් කාරණය තමයි ප්‍රංශය ඇතුළු දියුණු නොදියුණු හැම රටක්ම ගල් අඟුරු තමා භාවිතා කරන්නේ...

:       13       130

පුෂ්පකුමාර Monday, 20 November 2017 02:10 PM

ප්‍රියන්ත මොකද මෙතන කරන්ට් වැදිලා වගේ උඩු බුරන්නේ? සෝලා පවර් ගැන ඔහේ අහලා තියනවද? සමහරවිට ඔහේ ගල් ගුහාවක ජීවත් වෙන නිසා වැඩිපුර අව්ව දැකලා නැතිව ඇති මගේ හිතේ. නිකම් ලෝකෙට ඇහෙන්න උඩුබුරන්න කලින් යමක් දන්නා මනුස්සයෙක් මොනවා හරි කියපුවාම එක ටිකක් කියවන්න. ඔය ටිකිරි මොලේ වර්ධනය වෙන්නත් එක්ක.

:       163       1

GihanWednesday, 22 November 2017 12:49 AM

සූර්ය බලාගාර වලට සෑහෙන විශාල පිරිවැයක් යනවා. ඒ වගේම විශාල වර්ගඵලයක් අවශ්‍ය වෙනව. අනිත් එක තමයි රෑට විදුලිය නිශ්පාදනය කරන්න බැරි වීම. ඒත් නිපදවන්න පුළුවන් විදුලි ප්‍රමාණය හරි අඩුයි. ඒක නිසා ගල් අඟුරු බලාගාරයක් තිබීම අවශ්‍යයි. වත්මන් රජය කරන්න ඕනේ අඩු ගානේ තව එක බලාගාරයක් හෝ ඇති කරන ඒක. දේශපාලකයෙක් තමන් කැමති පක්ශයේ වේවා විපක්ශයේ වේවා හොඳක් කරල තියෙනව නම් ඒක අගය කරන්න පුරුදු වෙන්න. නැත්තන් අපිටම තමයි කවද හරි කෙල වෙන්නෙ.

:       0       1

විකුම් රංගන Monday, 20 November 2017 01:14 PM

අපි අලුතෙන් මොනවා හරි පටන් ගන්න කොටම ලෝකේ අනිත් මිනිස්සු ඒවා අත් හරින්න යනවා. ඒ මිනිස්සුන්ගේ මොළේ කචල් එකක්ද, එහෙම නැත්නම් අපේ අවුලක්ද මන්දා? කොහොමත් රිවස් ගියර් එක දාගෙන ඉස්සරහට යනවා කියලා හිතාගෙන ඉන්න අයට ගල් අඟුරු යුගයට පමණක් නොවෙයි ඊටත් එහා යුගයකට යන්න හැකිවෙයි ඔහොම ගියොත්....

:       0       37

Sampath Monday, 20 November 2017 03:06 PM

ගල්අඟුරු විතරයි අපට තියෙන එකම යථාර්ථවාදී විකල්පය.. සෝලාර් පවර් ඔය කියන තරම් පාචිච්චි කරන්න බැහැ. අනික මූලික වියදම් ඉතා අධිකයි. ඒකකයකට ගල්අඟුරුවල ප්‍රශ්නේ විසඳෙනවා. අඩුම ගාණේ ගල්අඟුරු බලාගාර 2ක් වත් ගහන්න ඕනෑ. නැතිනම් අපි ඉවරයි.

:       4       139

Jinna Wednesday, 22 November 2017 02:09 AM

සූර්ය බලය ඇත්තෙන්ම හොඳයි. ඒත් ඒක ඉක්මනටම කරන්න අමාරුයි. රංජිත් සියඹලාපිටිය ගෙනාපු සූර්ය බල සංග්‍රාමය කියන සංකල්පය ජනතාව අතරට ගියා මදි කියල මට හිතෙන්නේ. ඇත්තෙන්ම ඒක පට්ට. මම කියන්නේ ඉහල ආදායම් ලබන අයට තමන්ගේ ගෙදර මෙම කට්ටලයක් සවි කිරීම අනිවාර්ය කරන්න ඕනේ. ඒ වගේම එම උපකරණ ලංකාවේ නිපදවීම හෝ ඒවාට බදු සහන ලබා දීම හෝ කරන්න ඕනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site