බර්ලින්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර)

වසර 2030 වනවිට බලශක්තිය ජනනය කිරීමේදී ගල් අඟුරු යොදා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට ජර්මනියේ බොන් හි පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්බන්ධ සාකච්ඡාවලදී තීරණය වී තිබේ.

මේ අනුව ඒ සඳහා ජාත්යන්තර සන්ධානයක් නිර්මාණය වී තිබෙන අතර එම සන්ධානය රටවල් 50කට වැඩි සඛ්යාවකින් සමන්විත වේ. ඊට බොන් හි පැවැති සාකච්ඡාවලදී තවත් රටවල් 15ක් සම්බන්ධ වී ඇත. බ්රිතාන්ය, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඉතාලිය, ප්රංශය, නෙදර්ලන්තය, පෘතුගාලය, බෙල්ජියම, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඉතියෝපියාව, මෙක්සිකෝව සහ මාෂල් දූපත් මෙලෙස එකතු වී ඇති රටවල්ය.

මෙම රටවල් 50කට වැඩි සංඛ්යාවක් ලබන වසරේ පෝලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී නැවත වරක් සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සමුළුව පැවැත්වෙන්නේ පෝලන්තයේ කැටෝවිස්හිදි වන අතර කැටෝවිස් යනු යුරෝපයේ පරිසර දූෂණය වැඩිම නගරවලින් එකකි. 

කෙසේ නමුත් බලශක්ති ජනනය ඇතුළු කටයුතු සඳහා ලොව වැඩි වශයෙන්ම ගල් අඟුරු භාවිත කරන රටවල් වන චීනය, ඇමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය හා රුසියාව මෙම ගිවිසුමට අත්සන් තබා නැත.
එමෙන්ම මෙම තීරණය ගැනුණේ ඩොනල්ඞ් ට්රම්ප් පරිපාලනයේ නිලධාරීන් පිරිසක් දේශගුණ විපර්යාස සීමා කිරීම සඳහා ෆොසිල ඉන්ධන සහ න්යෂ්ටික බලශක්තිය ප්රවර්ධනය කිරීම බලශක්ති සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා දින කිහිපයක් ගත වුණු තැනය.

මෙලෙස ගල් අඟුරු භාවිතය නැවැත්වීම තීරණය ගනු ලැබුවේ 2015 වසරේදී අත්සන් තබන ලද ‘පැරිස් සම්මුතිය’ට අනුව කටයුතු කරමිනි. ලොව ආර්ථිකය ෆොසිල ඉන්ධන භාවිතයෙන් තොර කිරීම 2015 වසරේදී ප්රංශයේ පැරිස් නුවරදී අත්සන් තබන ලද පැරිස් සම්මුතියේ අරමුණකි.

055