සෝල්හිදීය/වොෂින්ටන්හිදීය (රොයිටර්)
බලසම්පන්න අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද (29) නිවේදනය කළේය.
මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සැප්තැම්බර් මස මිසයිලයක් අත්හදා බැලීමෙන් පසු අත්හදා බැලූ පළමු මිසයිලය මෙන්ම ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියාව ත්රස්තවාදයට සහාය දක්වන රටක් ලෙස නම් කිරීමෙන් පසු උතුරු කොරියාව අත්හදා බැලූ පළමු මිසයිලයයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නොවැම්බර් 20 වැනිදා උතුරු කොරියාව ත්රස්තවාදයට රාජ්ය සහාය දක්වන රටක් ලෙස නම් කළේය. එයින් උතුරු කොරියාවට තවදුරටත් සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අවස්ථාව උදා විය.
උතුරු කොරියාව අත්හදා බලන ලද මෙම නව බැලැස්ටික් මිසයිලයත් සමඟ උතුරු කොරියාව සතු න්යෂ්ටික අවිවලට ඇමෙරිකා එක්සත් ජනපද භූමියට ළඟා විය හැකි යැයි ද පැවසේ.
අත්හදා බලන ලද නව මිසයිලය කිලෝමීටර 4475 දක්වා වූ උන්තාංශයක් දක්වා ගමන් කළ බව උතුරු කොරියාව පවසයි. එය ජාත්යන්තර අභ්යාවකාශ මධ්යස්ථානයේ උස මෙන් දස ගුණයකි. මිසයිල මිනිත්තු 53ක කාලයක් ගමන් කර තිබෙන අතර පියැසිරි දුර කිලෝමීටර 950 ක් යැයි ද උතුරු කොරියාව සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටට මෙවැනි දේවල් අත්හදා බලන්න දැනුමක්, හැකියාවක් සහ වත්කමක් නැහැ. මේ සියල්ල මොවුන් ලවා කරවන්නේ චීනයයි... චීනයට කෙලින්ම මෙවැනි දේවල් කල නොහැකි නිසා මොවුන්ව ඉත්තන් ලෙස යොදාගන්නවා.. එය ඇමෙරිකාව පවා දන්නවා.
ඇයි අපේ ලංකාවේ කොච්චර හදනවාද ඔය වාගේ දේවල්. චීනයයි ඇමෙරිකාවයි රුසියාවයි ඕවා ඉගෙනගත්තේ අපෙන්. අහන්ඩ අපේ හාමුදුරුවරුන් ගෙන් මන් කියන්නේ බොරුද කියල.
උතුරු කොරියානු කොල්ලා හෝ එකාගේ බොස්ලාගේ ඔය ගිනිකෙලි සෙල්ලම සදහටම නවතින්නේ ඇමරිකානු අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් එරටට පහත් වෙච්ච දවසටයි. කොල්ලගේ මිසයිල දහයකට ඇමරිකන් මිසයිලයක් කජ්ජක් වගේ පෙනේවි එදාට ! රටවැසියා බඩගින්නේ තියා සරුංගල් යවනවාට වඩා හොඳ නැද්ද ඇමරිකානු ප්‍රහාරයකින් රොත්ත පිටින්ම අළු දුවිලි වෙලා යන හැටි බලන එක ? එහෙම තමා රටේ දිළිඳු බව නැති කරන්න පුළුවන් වෙන්නේ !!! එරටේ ඕවා උඩ යවන උන්ටික නම් භූගත බංකරවලට වෙලා දිවි බේරාගෙන, රුසියාවට හෝ චීනයට පැනලා යාවි උමංමගින් ....
දවස් දෙකකට කලින් ඕක දකුණු කොරියාවට එව්වා නම් කොපමණ හොඳද?