පාකිස්ථානයේ පෙෂවර් නගරයේ පාසලකට බෝම්බ සහ වෙඩි ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් 9දෙනකු මියගොස් 36 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් මියගිය අය අතර සිසුන් අට දෙනකු හා කාර්යාල සේවකයෙකු සිටින බව පොලිසිය පවසයි.
මෙය කෘෂිකාර්මික පුහුණු පාසලක් බවත් ඉස්ලාම් ආගමික නිවාඩු දිනයත් වීම හේතුවෙන් පාසල නිවාඩු දී තිබූ නමුත් නේවාසික සිසුන් පාසලේ රැඳී සිටි බවත් බලධාරීහු පවසති.
බුර්කා ඇඳුමින් වෙස්වලාගත් තිදෙනකු ප්‍රහාරය සඳහා පැමිණ ඇත.
ප්‍රහාරකයන් තිදෙනාම මියගොස් ඇති අතර තලේබාන් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.


(බීබිසි පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd