IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


යුරෝපා රටවල් නව ආරක්ෂක ගිවිසුමකට යයි

බ්‍රසල්ස්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
 
ආරක්ෂක සහයෝගීතාව වැඩි කරගැනීමේ අරමුණ ඇතිව යුරෝපා සංගමයේ රටවල් 23ක් නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ.  
 
එක්සත් රාජධානිය සහ අයර්ලන්ත ජනරජය ගිවිසුමට සම්බන්ධ නොවන රටවල් පහ අතර පසුවන අතර ජර්මනිය සහ ප්‍රංශය මෙම ගිවිසුම අත්සන් කිරීමේදී මූලිකත්වය ගෙන කටයුතු කර තිබේ. මේ අනුව නව ආරක්ෂක ගිවිසුමට අත්සන් තබන රටවල් තම අයවැයෙන් ආරක්ෂාව සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමටත් ඒකාබද්ධ ආරක්ෂක මෙහෙයුම්වලට සම්බන්ධ වීම ඉහළ නැංවීමත් කළ යුතුව තිබේ. 
 
යුරෝපීය ඒකාබද්ධ හමුදාව ලොව බිහිසුණු සහ වඩාත් අර්බුදකාරී මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටින අතර මධ්‍යම අප්‍රිකා ජනරජය සහ කොසෝවෝ හි කරන ලද මෙහෙයුම් එහිදි ප්‍රමුඛත්වයක් ගත්තේය. කෙසේ නමුත් එම මෙහෙයුම්වලදී යුරෝපීය ඒකාබද්ධ මෙහෙයුම්වලට මුදල් සහ ප්‍රමාණවත් පරිදි ආයුද නොලැබිණි. 
 
මෙම ගිවිසුම ‘පෙස්කෝ’ යනුවෙන් නම් කර තිබෙන ගිවිසුමට සම්බන්ධ සෑම රටක්ම ගිවිසුමේ සඳහන් ක්‍රියාවලිය සඳහා ජාතික වශයෙන් දායකත්වය සැපයි යුතුය. මේ අනුව ගිවිසුමට යූරෝ බිලියන 5ක (එක්සත් ජනපද ඩොලර් බිලියන 5.8) යුරෝපීය ආරක්ෂක අරමුදලක් ද තිබෙන අතර ඒ ඔස්සේ ගිවිසුමට සම්බන්ධ රටවලට 2020 වනතෙක් වාර්ෂික ආවරණයක් ද හිමිවේ. මෙම මුදල් ආයුද මිලදී ගැනීම, පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වියදම් කිරීමට නියමිතය. 
 
මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළ ප්‍රංශය සහ ජර්මනිය වසර 70ක් තිස්සේ මෙවැනි ගිවිසුමක් ඇති කරගැනීම වෙනුවෙන් කටයුතු කළේය. මෙම යෝජනාව මුලින්ම ඉදිරිපත් වූයේ 1950 වසරේදීය. 
ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය සාමාජික රටවල විදේශ සහ ආරක්ෂක අමාත්‍යවරු සහභාගීත්වයෙන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී පැවැත්විණි. 
 



අදහස් (0)

යුරෝපා රටවල් නව ආරක්ෂක ගිවිසුමකට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site