(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
පසුගිය 2015 නොවැම්බර් 13 වැනි දා සාහසික ප්‍රහාරය එල්ල වුයේ 80,000ක් නරඹන්නන් සිටි පැරිස් පාපන්දු ක‍්‍රීඩාංගනය, පැරිස් කලාප අංක 10 හි රසිකයෝ දෙදහක් පිරි ඵෙතිහාසික බැටැක්ලොන් නාට්‍ය ශාලාව, පැරිස් කලාප අංක 11හී 100 දෙනෙකු පමණ ආහාර ගනිමින් සිටි ආපනශාලාවටය. මෙම කලබලය රාත‍්‍රී 09.15 සිට රාතී‍්‍ර 12 දක්වා පමණ පැවතුණි.
මෙම ත්‍රස්ත ප‍්‍රහාරයෙන් 137 දෙනෙක් මියහ. බැටැක්ලොන් නාට්‍ය ශාලවේදි මියගිය 89 දෙනෙකු ද එයට අයත් 352 දෙනෙකු තුවාල සහිතව රෝහල් ගත කැරෙණි. මෙය ප‍්‍රංශයේ මෑත ඉතිහාසයේ සිදුවූ ප‍්‍රථම සිය දිවිනසා ගැනීමේ ප‍්‍රහාරය ලෙස සැලකේ.
මින් පෙර බෝම්බ පුපුරුවා හැරීම් සිදු වුවද බෝම්බ පුපුරුවා සිය දිවිනසා ගැනීමක් වාර්තා නොවේ. ඉහත ප‍්‍රහාරයට පැමිණි අටදෙනා අතරින් එක් අයකු බේරී පැන ගිය අතර පැරිස් ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයේ මහ මොළකරුවෙකු වන ඔහු මොරොක්කෝ ජාතික උපතක් ඇති ප‍්‍රංශ පුරවැසිභාවය හිමි බෙල්ජියමේ පදිංචි 26 හැවිරිදි සලාහා අබ්ඩෙස්ලාම්ය.
2016 මාර්තු 18 වැනි දා සවස 4.30 ට පමණ බෙල්ජියමේ අග නගරය වන බ‍්‍රසල්ස් නුවරට නුදුරින් පිහිටි මොලෙන්බේක් ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී බෙල්ජියම් විශේෂ පොලිස් කොමොන්ඩෝ භටයන් විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රංශයට බාර දෙන ලදී.
මේ වන විට පැරීසියට නුදුරින් පිහිටා ඇති සිර මැදිරියක ඉතාමත්ම දැඩි ආරක්ෂාවල් මැද සිටින මොහු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ තුන් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පස් වැනි වතාවටත් ප‍්‍රශ්න කිරීමට ලක්විය.
එහෙත් පෙරදී මෙන් එදින ද කිසිම ප‍්‍රශ්නයකට පිළිතුරු නොදී මොහු ගොළුවත රැකීය. ඊට අමතරව 2016 මාර්තු 15 වැනි දා බෙල්ජියම් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කළැයි යන චෝදනාවන්ට දෙසැම්බර් 18 වැනි දා සිට 21 දක්වා බෙල්ජියම් අධිකරණය ඉදිරියේ ද ප‍්‍රශ්න කිරීමටද ලක් වන්නේය.
මෙම ප‍්‍රහාරයට වසර දෙකක් ගතවීම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 13 වැනි දා මිය ගිය අයට ශෙකෙය ප්‍රකාශ කිරිම කෙරුණි. ජනාධිපති මැක්රොන් හිටපු ජනාධිපති ප‍්‍රන්ශුවා ඔලොන්ද්, පැරිස් නගර සභාවේ නගරාධිපතිනිය ඈන් හිඩල්ගෝ මහත්මිය ඇතුලත් ප‍්‍රධාන ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය සේවකයෝ හා විදේශ සංචාරකයෝද විශාල පිරිසක් ඊට සහභාගි වුහ.
ඒ අතරතුර බැටැක්ලොන් නාට්‍ය ශාලාව ඉදිරියේ ඉදිකර තිබූ වේදිකාවට පැමිණි එදින ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ වේදිකාවේ ගී ගැයු ඩෙත් මෙටල් ඊගල් නම් ඉංග‍්‍රීසි ජාතික රොක් සංගීත කණ්ඩායම ප‍්‍රහාරය අලලා නිපැයූ ගීත දෙකක්ද ගායනා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටියට ප්‍රශ්න කරන්න දුන්නානම් ඕනෙ වෙන්නේ කටුකම්බි කල්ලියයි, පීවීසී බට කල්ලියයි තමයි.
අනේ පව්. එයාට ඉන්න දෙන්න