වෙස්ට්මිනිස්ටර් ප්‍රහාරකයා අාධුනිකයෙක්ද ඉකුත් බදාදා (22) සවස් වරුවේ ලන්ඩන් නුවරට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ කලීඩ් මසූද් නැමැත්තා අයි.එස්.අයි.එස් සංවිධානයේ උපක්‍රම භාවිතා කළ ද ඔහු අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු නැතැයි බ්‍රිතාන්‍ය පොලිසියේ ජ්‍යෙෂ්ඨයකු උපුටා දක්වමින් ඬේලිමේල් පුවත් සේවය අද (27) වාර්තා කළේය. 28 March 2017
රුසියාවේ විපක්ෂ නායක පොලිස් අත්අඩංගුවට රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. රුසියාවේ අගනුවර සංවිධානය කර තිබූ දූෂණ විරෝධී විරෝධතාවලදී විපක්ෂ නායකයා එලෙස අත්අඩංගුවට පත්ව ඇත. 27 March 2017
වසර බිලියන 3 කට ඉහතදී අඟහරු ලොවේ සුනාමියක් වසර බිලියන තුනකට පමණ පෙරදී, අඟහරු ග්‍රහයාගේ පැරැණි යැයි සැලකෙන කොටසක ඇතිවූ ප්‍රබල සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඇති වූ ආවටවල ලක්ෂණ සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබේ. ග්‍රාහකයක් වැදීම නිසා මීටර 150ක් උසට රළ නැගී ඇති බවටත් ඒ නිසා ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වූ බවට සාක්ෂි තිබෙන බවත් විද්‍යාඥයෝ පවසති. 26 March 2017
“ආදරණීය රෝහණ“ ප්‍රසංගය ඉතාලියේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ‘ආදරණීය රෝහණ“ ප්‍රසංගය මාර්තු 25, 26 සහ අප්‍රේල් 2 දිනවල ඉතාලියේදී පැවැත්වීමට නියමිතය. 24 March 2017
රියැදුරාගේ වේගය සැකයට පාත්රවෙයි බෙල්ජියමේ ඇන්ට්වර්ප්හිදී ජනාකීර්ණ වීදියක් තුළ වේගයෙන් මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයකු එරට වේලාවෙන් ඊයේ (23) සවස 5.00ට පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 24 March 2017
අයිඑස් සංවිධානය වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයේ වගකීම බාරගනී වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව අයි.එස්.අයි.එස් සංවිධානය අද (23) නිවේදනය කළේය. ප්‍රහාරය එල්ල කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ උපත ලැබූ කලීඞ් මසූඞ් නැමැති 52 හැවිරිදි පුද්ගයකු යැයි ද බ්‍රිතාන්‍ය පොලිසිය උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. 23 March 2017
යුක්රේනයේ ආයුධ ගබඩාවක් පිපිරෙයි යුක්රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ කර්කව් නගරය ආසන්නයේ පිහිටි දැවැන්ත ආයුධ ගබඩාවක් පිපිරීමට පටන්ගැනීම නිසා අවට පදිංචිව සිටි 20000ක පමණ පිරිසක් ඉවත්කර ඇතැයි වාර්තා වේ. 23 March 2017
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ වෙඩි තැබීමකින් 12කට තුවාල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් අද (22) එම පාර්ලිමේන්තුව කල් තබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. 22 March 2017
සිරියාවේ පාසලකට ගුවන් ප්‍රහාර : 33 ක් මරුට සිරියාවේ ඉස්ලාම් අන්තවාදී පාලනය යටතේ පවතින රක්ඛා නගරයේ පාසලකට ගුවන් ප්‍රහාර එල්ලවීමෙන් 33දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මෙම ස්ථානයේ අවතැන් වූවන් රඳවා සිටි බව සිරියාවේ නිරීක්ෂණ කටයුතු වල යෙදෙන මානව හිමිකම් සංවිධාන පවසයි. 22 March 2017
මැද පෙරදිග සිට ඇමරිකාවට-එංගලන්තයට යන මගීන්ට විද්‍යුත් සන්නිවේදන උපකරණ තහනම් මැදපෙරදිග කලාපයේ රටවල් අටක සිට පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන පරිදි ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන් විශාල ස්මාර්ට් ජංගම දුරකථන ගෙන ඒම තහනම් කිරීමට ඇමෙරිකාව සහ එංගලන්තය තීරණය කර ඇත. 22 March 2017
ධනවතුන්ගේ ලයිස්තුවෙන් ට්‍රම්ප් පහළට ඇදවැටෙයි ‘ෆෝබ්ස්’ සඟරාව ඉදිරිපත් කළ ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ ස්ථානය 220 සිට 544 දක්වා පහත වැටී ඇතැයි ද ‘ෆෝබ්ස්’ සඟරාව වාර්තා කරයි. එම වාර්තාවට අනුව ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5කි. 21 March 2017
ඇමරිකානු ප්‍රහාරයකින් ත්රස්තවාදීයා මරුට පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි ප්‍රහාර එල්ල කළ ත්‍රස්ත පිරිසේ සිටි ත්‍රස්තවාදියකු ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ගුවන් යානා යොදාගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් තිබේ. 20 March 2017
සෞදියේ අනවසර විදේශිකයින්ට රටින් පිටුවන්න මාස තුනක් සෞදි අරාබියේ සිටින අනවසර විදේශිකයින්ට රටින් පිටවීමට මාස තුනක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කිරීමට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මොහොමඩ්බින් නයිෆ් මහතා තීරණය කර ඇතැයි සෞදි ප්‍රෙස් ඒජන්සි පුවත් වාර්තා කරයි. 20 March 2017
පැරිස් ගුවන් තොටුපොළේ ත්‍රස්ත නාටකය මාර්තු 18 වැනි සෙනසුරාදා උදේ වරුව පැරීසිය අවට මීදුමින් පිරී සිරි පොද වැස්ස වෙලාගත් අඳුරු දිනයක් වූයේය. සෙනසුරාදා උදේ හෙයින් පැරීසිය මෙන්ම ඉන් අවටද එතරම් වාහන තදබදයක් නොතිබිණි. මෙවැනි පරිසරයක පැරීසියට උතුරු දිශාවේ කි:මී: 15 ක් පමණ දුරින් ගාස් ගොනේස් යන ප්‍රදේශයේ එහි ප්‍රධාන නොවන මාවතක වේගයෙන් ගමන් ගත් රෙනෝල්ට් කිලියෝ වර්ගයේ වාහනයක් උදේ 06.55 ට පමණ පොලිස් නිලධාරීන් තිදෙනකු විසින් නවතා පරික්ෂාවට ලක් කළහ. 20 March 2017
උත්තර ප්‍රදේශ් මහ ඇමැති ධුරය යෝගීවරයකුට ප්‍රන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර සතියකට පසු යෝගීවරයකු උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභාවේ මහ ඇමැතිධුරයේ අද (19) දිවුරුම් දුන්නේය. යෝගී ආධිත්‍යනාත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත සභා මහ ඇමැතිධුරයට පත් කිරීමට භාරතීය ජනතා පක්ෂය තීරණය කළේ සෙනසුරාදා (18) දිනයේදීය. 19 March 2017
යේමනයේදී කළ ප්‍රහාරයකින් සෝමාලියානුවන් 31 ක් මරුට සෝමාලියානු සරණාගතයින් ගමන් ගත් බෝට්ටුවකට යේමන් වෙරළ තීරයේදී එල්ල වූ ප්‍රහාරයකින් 31 දෙනකු මිය ගොස් ඇතැයි වෙරළාරක්ෂක අධිකාරිය පවසයි. අපාචි හෙලිකොප්ටරයකින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. 17 March 2017
ෆේස්බුක් හා යූටියුබ් සමාජ ජාලවලට වියට්නාමයෙන් බලපෑම් සමාජ ජාලා හරහා රාජ්‍ය විරෝධි තොරතුරු පැතිරවීම නවතනතුරු යුටියුබ් හා ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා හරහා සිදු කෙරෙන ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට වියට්නාම රජය එරට සියලු සමාගම්වලට නියෝග කර ඇත. 16 March 2017
ට්‍රම්ප් අධිකරණයට චෝදනා කරයි රටවල් හයක ජාතිකයින්ට ඇමෙරිකාවට ඇතූළුවීමට තහනම් කරමින් ඇමෙරිකානු ජනපතිවරයා සංශෝධන සහිතව නිකුත් කළ නව තහනමට හවායි අධිකරණයක් පැනවූ වාරණ නියෝගයට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 16 March 2017
සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 31 ක්ක මරුට සිරියාවේ දමස්කස් නුවර ප්‍රධාන අධිකරණ සංකීර්ණයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 31දෙනකු මියගොස් 100 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 March 2017
බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව සූදානම් උතුරු කොරියා ජනපති කිම් ජොන්ග් උන් නියෝග කරන ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට අන්තර් මහද්වීප බැලැස්ටික මිසයිල අත්හදා බැලීමට තමන් සූදානමින් සිටින බව උතුරු කොරියානු හමුදාව පවසයි. 09 March 2017
ක්‍රිස්ටීන් ලගාඩ්ගේ ගමන කල්යයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය සැලැසුම් කර තිබූ පරිදි මෙම මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන බව වාර්තා වේ. 06 March 2017
උතුරු කොරියාව ජපන් මුහුදට මිසයිල හෙළයි උතුරු කොරියාව බැලස්ටික් මිසයිල හතරක් ජපානයට අයත් මුහුදට පතිත කර ඇතැයි වාර්තා වේ. ඉන් මිසයිල තුනක්ම වැටී ඇත්තේ ජපානයට පමණක් අයත් ආර්ථික කළාපයටය. 06 March 2017
දෙවැනි ලෝක යුද සමයේ බෝම්බයක් ලන්ඩනයෙන් සොයාගනී ලන්ඩනයේ ගොඩනැගිල්ලක් ඉදිකරන වැඩබිමක තිබී දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ බව කියන පුපුරා නොගිය බෝම්බයක් සොයාගෙන ඇත. 03 March 2017
ඇමරිකානු නීතිපති අවදානම් ගමනක ඇමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙෂන්ස් මහතාට රුසියාව සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි චෝදනා එල්ල වී ඇති අතර ජෙෆ් මහතාගේ තනතුරද අවදානමට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 02 March 2017
පෘථිවිය හා සමාන ග්‍රහලෝක 7 ක් සොයා ගැනේ ජීවය පැවැතීමට හිතකර සාධක පවතින, පෘථිවිය හා සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනීමට තමන්ට හැකිවු බව ඇමෙරිකාවේ නාසා ආභ්‍යවකාශ ආයතනය පවසයි. 28 February 2017
කාබුල් නුවර මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ආසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් 35ක් පමණ තුවාල ලබා ඇත. 28 February 2017
ඊශ්‍රායලයේ අනවසර පදිංචි කිරීම්වලට එරෙහිව බ්‍රිතාන්‍යය යෝජනා සම්මත කරයි ඊශ්‍රායලය කරන අනවසර පදිංචි කිරීම්වලට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරගත්තේය. එපමණක් නොව ඊශ්‍රායලය විසින් කරන එවැනි ක්‍රියා නවත්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2334 යෝජනාව ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබිණි. 28 February 2017
මෙල්බර්න් නුවරට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටෙයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ මධ්‍යස්ථානයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 28 February 2017
ඉන්දියාවෙන් චන්ද්‍රිකා 104 ක් එකවර උඩුගුවනට චන්ද්‍රිකා 104ක් එක් වාරයකදි ගුවන් ගත කරමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දියාව සමත් වී ඇත. 28 February 2017
ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම ක්වීන්ස් ෆොරස්ට් හිල් විදුහලේ දී ශ්‍රී ලංකාවේ නිදහස් සැමරුම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක්, නිව්ජර්සි, කරන්ටිකට් යන ප්‍රාන්තවල ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ක්වීන්ස් ෆොරස්ට් හිල් විදුහලේ දී පැවැත්විණි. 28 February 2017
ආලෝකා නමින් ප්‍රදර්ශන කුටියක් සුරතල් සතුන් ඇති කිරීම සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම ද සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය... 17 July 2026