ජපාන මහ මැතිවරණයෙන් සුවිශේෂී ජයග්‍රහණයක් ලබමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තහවුරු කරගැනීමට ජපාන අගමැති ෂින්සෝ අබේ සමත්ව තිබේ.
ව්‍යවස්ථා වෙනසකට සහ ජපානයේ ජාතික අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා ශක්තිමත් ජනවරමක් අවශ්‍ය බව සඳහන් කරමින් අබේ අගමැතිවරයේ ඉකුත් සැප්තැම්බර් මාසයේදී හදිසි මැතිවරණයක් කැඳවූ අතර එහි ඡන්ද විමසීම ඉරිදා (22) පැවැත්විණි.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලින් සහ සමීක්ෂණ වාර්තාවලට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තහවුරු කරගැනීමට ජපාන අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු සන්ධානය සමත්ව ඇත.
ජයග්‍රහණයත් සමඟ උතුරු කොරියාවේ තර්ජනවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජපාන අගමැතිවරයා ජනතාව හමුවේ කීය. ජපාන අගමැති අබේ ගේ ‘ලිබරල් ඩිමොක්‍රටික්’ පක්ෂය ප්‍රමුඛ සන්ධානය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් දිනාගනු ඇතැයි ජපානයේ රාජ්‍ය පුවත් සේවය වන එන්.එච්.කේ පුවත් සේවය ද වාර්තා කර තිබිණි.
මේ අනුව මෙම ජනවරම අගමැති අබේට ජපානයේ පශ්චාත් යුද සාමවාදී ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවස්ථාවක් උදා කර දී තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය රාජ්‍ය හමුදාවක් පවත්වාගෙන නොගිය අතර අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් සහ රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට ඔවුහු ස්වයං ආරක්ෂක බලකායක් පවත්වාගෙන ගියහ.
කෙසේ නමුත් පසුගිය කාලයේදී උතුරු කොරියාවෙන් දිගින් දිගටම තර්ජන එල්ල වීමත් සමඟ රාජ්‍ය හමුදාවක් ස්ථාපිත කිරීම සඳහා ජපානය තුළ අවශ්‍යතාවක් පැන නැගුණි. එපමණක් නොව මෙම ජයග්‍රහණයත් සමඟ පශ්චාත් යුද ජපානයේ දීර්ඝතම කාලයක් බලයේ සිටින අගමැතිවරයා බවට ද ෂින්සෝ අබේ පත්වනු ඇත.



(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබේගේ වෑයම සාර්ථකයි. අවංක දේශ හිතෛශී නායකයෙක්. ජාතිවාදියෙක් යයි වරද්දගන්න එපා. අපි ඔහුට තවදුරටත් ජය පතමු.
දැක්කනේ, අබේ හරියට වැඩ කරලා කලින්ම ඡන්දෙ තිබ්බ, මිනිහ දිනුවා. කලින් ඡන්ද තිබ්බට වැඩක් නැහැ, රටේ නීතිය ආරක්ෂා කරන්නත් ඕනේ...