අන්කාරාහිදීය (රොයිටර්)   
 
ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරයෙන් ගෝලීය තෙල් මිල ගණන්වලට බලපෑමක් වන්නේ නැතැයි ඉරාන් තෙල් අමාත්‍ය බයිජන් සැන්ගනේහි පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානය ඇතුළු ලෝක බලවත් රටවල් හයක් 2015 වසරේදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තබන ලදි. මෙම බහුපාර්ශවීය ගිවිසුමෙන් ඉවත් වන බවත් අදාළ ලියවිල්ල ඉරා දමන බවටත් ඇමෙරිකා ජනාධිපතිවරයා තර්ජනය කර තිබේ. 

ඉරානය න්‍යෂ්ටික ගිවිසුමට අනුකූලව කටයුතු නොකරන බවට තමාට ජාත්‍යන්තර නිරීක්ෂකයන්ගෙන් තොරතුරු ලැබී ඇතැයි ද ඉරාන ඉදිරියටත් එසේ කළහොත් එය ගිවිසුමේ අවසානය යැයි ද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් තර්ජනය කර ඇත. 
 
(055)