ප්‍රබල සුළි කුනාටුවක් යලිත් වරක් ඇමරිකාවට සහ මෙක්සිකෝවට කඩාවැදීම හේතුවෙන් 22දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
නැටෝ නමින් හඳුන්වා ඇති මෙම කුණාටුවෙන් කොස්ටා රිකා, නිකරගුවා සහ හොන්ඩ්‍යුරාස් ප්‍රදේශ වලට දැඩි හානි සිදුව ඇත. අධික වර්ෂාව නාය යෑම් සහ ගංවතුර හේතුවෙන් 20ක් පමණ අතුරුදන් වි ඇති අතර මෙම ප්‍රෙද්ශ වල හදිසි තත්වයක් ද ප්‍රකාශ කර ඇත.
කොස්ටා රිකා හි 400000ක පමණ පිරිසක් අවතැන් වි ඇති අතර පානීය ජලය පවා නොමැති බව සහන සේවා කණ්ඩායම් පවසයි. ගංගා පිටාර ගැලීම හේතුවෙන් කිඹුලන් ගොඩට පැමිණිමේ අවධානමක් ද ඇති බව වාර්තා වේ.
සුළි කුණාටුව තවදුරටත් පැතිරිය හැකි බැවින් ටෙක්සාස් සහ ෆ්ලොරීඩා ප්‍රාන්ත වල ජනතාවට ද සූදානමින් සිටින ලෙස කාළගුණ අංශ අනතුරු අඟවා ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි -085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd