(ගයාන් සූරියආරච්චි)

චීනයේ ටියැංග් ගොන්ග්-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය තව මසක් ඇතුළත පෘථිවියට කඩා වැටිය හැකි බව විශේෂඥයෝ අනුමාන කරති.

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසන්නේ 2016 සැප්තැම්බර් පළවැනිදා සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානය පාලනය කිරීමට අසමත් වී තිබෙන බවයි.

ටොන් 8.5ක් බරැති අභ්‍යවකාශ මධ්‍යස්ථානය මාසයක් ඇතුළත හෝ 2018 වසරට පෙර කඩා වැටී විනාශ වී යා හැකි බව විද්‍යාඥයෝ අනුමාන කරති.

චීනය ඔවුන්ගේ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2011 වසරේ අභ්‍යවකාශ ගත කරන විට  විශාල අභ්‍යවකාශ යානා සංකීර්ණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා විශාල බලාපොරොත්තුවක් තිබිණි.