IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත් වෙයි

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයෙන්(යුනෙස්කෝ) ඉවත් වීමට තීරණය කර තිබේ.

යුනෙස්කෝව ලෙසින් හැඳින්වෙන එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානය පසුගිය කාලයේදී ගෙන එන ලද සියලු යෝජනා ඊශ්‍රායල විරෝධී යෝජනා බවට චෝදනා කරමින් ඇමෙරිකාව මෙලෙස එම සංවිධානයෙන් ඉවත් වී තිබේ.

යුනෙස්කෝ සංවිධානය 2011 වසරේදී පලස්තීනය එම සංවිධානයේ සාමාජික රටක් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඇමෙරිකාව ඊට අරමුදල් සැපයීම නවතා දැමීය. එසේ වුවත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානය පිහිටි ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ කාර්යාලයක් පවත්වා ගෙන යෑමට කටයුතු කළේය.

කෙසේ නමුත් ඇමෙරිකාව යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වීම එක්සත් ජාතීන්ගේ පවුලට සිදු වූ පාඩුවක් යැයි ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරල් අයිරිනා බොකෝවා පවසා තිබේ.

ඇමෙරිකාව  යුනෙස්කෝ සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීම ක්‍රියාත්මක වනු ඇත්තේ ලබන වසරේ දෙසැම්බර් මාසයේ සිටය.

මේ අතර ඇමෙරිකාව අනුගමනය කරමින් ඊශ්‍රායලයද යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් වීමට නියමිත යැයි වාර්තා වේ.

(ඬේලිමේල් ඇසුරිනි-055)



අදහස් (5)

ඇමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත් වෙයි

Chandana F Friday, 13 October 2017 10:42 AM

දී කිරට බළල්ලුත් සාක්කියිලු...

:       45       30

janahitha Friday, 13 October 2017 11:02 AM

මේක ඉතා හොඳ තීරණයක්...

:       54       34

Anartha Friday, 13 October 2017 12:52 PM

ඇමෙරිකාව දරුණු සහ මැරවර අතීතයක් ඇති රටක්. ඔවුන්ගේ වර්තමානය ද එසේමය. අනාගතයද එසේම වනු ඇත.

:       49       28

ලුම්බිණි Sunday, 15 October 2017 09:10 AM

එක්සත් ජාතීන්ට සම්බන්ධ සියලු ආයතන වලින් ඇමරිකාව ඉවත් වුණොත් එම ආයතන පවත්වා ගැනීමට බැරුව ලොකු අර්බුදයකට මුහුණ දෙන්න ඉඩ තිබෙන බවකුයි වාර්තා වෙලා තියෙන්නේ...

:       21       0

bandula Thursday, 26 October 2017 09:29 AM

ආරක්ෂක මණ්ඩලයෙනුත් අයින් වුණානම් අනිත් රටවලට නිදහසේ ඉන්න පුළුවන්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site