ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් 10 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
20000ක පමණ පිරිසක් ඉවත් කර ඇති අතර හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

නිවාස හා ව්‍යාපාරික ස්ථාන විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර දුම ආශ්වාස වීමෙන් හා සිදුවූ අනතුරුවලින් 100ක් පමණ රෝහල් ගතකර ඇත.

මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවද පැවසේ.වියළි කාළගුණය හා තද සුළං පැවතීම හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරී යන බව බලධාරීහු පවසති.

කැලිෆෝනියාවේ දකුණු කලාපයේ මෙවැනි ලැව්ගිනි සුලබ වුවත් මෙවර උතුරු පැත්තටද ගින්න පැතිරී ඇත.
 
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)