වත්මන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ නම එරට ශ්‍රේෂ්ඨතම නායකයන්ගේ නම් ගොන්නට ඇතුළත් කිරීමට එරට කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රස් සමුළුවේදී තීරණය වී තිබේ.
මේ අනුව ෂී ජින්පින් මහතාගේ නම චීන කොමියුනිස්ට් පක්ෂයේ නිර්මාතෘ හා සභාපති මාවෝ සේතුං මහතාගේ නම ඇතුළත් කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට කොංග්‍රස් සමුළුවේදී තීරණය කර ඇත. ඒ අනුව දශක ගණනාවකට පසු චීනයෙන් බිහි වූ බලවත්ම නායකයා ලෙසට ෂී ජින්පින්ග් මහතා හඳුන්වනු ලැබ තිබේ. එපමණක් නොව ඔහුට තම ජීවිත කාලය තුළ චීනයේ පරම නායකයා ලෙසින් රැඳි සිටින්නට අවස්ථාව උදා වී තිබේ.
කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවේ නම ඇතුළත් අනෙක් චීන නායකයා වනුයේ වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණවල නිර්මාතෘවරයා වන චීනයේ හිටපු නායක දෙන් ෂියාඕපින්ග්ය.
මීට පෙර ජීවත්ව සිටියදී චීනයේ කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට නම ඇතුළත් වූ එකම නායකයාව සිටියේ මාවෝ සේතුං. දන් ෂියාඕපින්ග්ගේ නම කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතු-ළත් වූයේ ඔහු මියගිය පසුය. ඒ අනුව චීන ව්‍යවස්ථාවට ජීවත්ව සිටියදී නම ඇතුළත් වූ දෙවැනි චීන නායකයා බවට ෂී ජින්පින්ග් පත්විය.
මේ අනුව ව්‍යවස්ථාවේ නම ඇතුළත් මුළු චීන නායකයන්ගේ ගණන තුනකි. මාවෝ සේතුං, දෙන් ෂියාඕපින්ග් හා වත්මන් ජනාධිපති ෂී ජින්පින්ග් එම තිදෙනාය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි කොංග්‍රස් සමුළුව සතියක් මුළුල්ලේ පැවැති අතර ජනාධිපති ෂී ජින්පින්ග් මහතා එහි මුලසුන හෙබවීය. කොංග්‍රස් සමුළුවේ අවසාන සැසියේදී ඉහත යෝජනා සම්මත කරගැනුණු අතර ඊට කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් 2,300කට ආසන්න පිරිසක් සහභාගී වූ බව වාර්තා විය. එහිදි චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ නම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වූ අතර එම යෝජනාව ඒකමතිකව සම්මත විය.
ෂී ජින්පින්ග් මහතා බලයට පත්වූයේ 2012 වසරේදීය. ඔහුගේ ආර්ථික දැක්ම චීනය නව මාවතකට ගෙන යෑමට සමත්වූ අතර වසරින් වසර ඔහුගේ බලය හා ජනප්‍රියත්වය ද ඉහළ ගොස් තිබේ.
මීට පෙර ව්‍යවස්ථාවට නම් ඇතුළත් වූ මාවෝ සේතුං සහ දෙන් ෂියාඕපින්ග් යන දෙදෙනාටම ඔවුන්ගේ මතවාද පැවැතුණි. ෂී ජනාධිපතිවරයාද බලයට පත්වීමෙන් පසු ඔහුගේම ආර්ථික දැක්මට අනුව කටයුතු කළ අතර මේ වනවිට ඔහුගේ දැක්ම ‘ෂී ජින්පින්ග් චින්තනය’ යනුවෙන් හඳුන්වා දී තිබේ. ව්‍යවස්ථාවට නම ඇතුළත්වීමත් සමඟ චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාට එල්ල වන ඕනෑම තර්ජනයක් කොමියුනිස්ට් පක්ෂ පාලනයට එල්ල වන තර්ජනයක් වශයෙන් සලකා කටයුතු කරනු ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත්ම කාලෝචිත තීරණයක්. ඔහු ඇති දක්ෂ සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. චීනය පෙරට ගෙන ඒමේ භාරධුර කාර්යය මැනවින් ඉටු කර ඇත. තම රට සතු අතිමහත් යුද ශක්තිය අයථා ලෙස පරිහරණය නොකිරීමට ඔහු තරයේ වග බලගානී. ඔහුට අපි සුබ පතමු.
රාජපක්ෂ නාමයත් අපේ රටේ ව්‍යවස්ථාවට එක්විය යුතුයි .එතුමා තමයි නුතන ශ්‍රී ලංකාවාසීන්ට ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කල නායකයා .එතුමා නැතිනම් අද ඉන්න අයගෙන් කීයක් පොලවට පස් වෙලා ඇතිද ?
ඔහු ඉමහත් බුදධියකින් කටයුතු කිරීම නිසා අද මහජන චීනයේ වැසියන් ඉතා සතුටින් ඉතා සුඛෝපබෝගී ලෙස ජීවත් වෙනවා. ලෝකයේ අනෙකුත් රටවල් වල නායකයන් ඔහුව අනුගමනය කරනවානම් අපේ ලෝකය ඉමහත් සුන්දර ලෝකයක් වෙනු ඇති.
ජනාධිපතිතුමාගේ දාර්ශනික මග පෙන්වීම, ජනතාව හොඳක්ම අපේක්ෂා කරන යුගයක, අපේ නායකයන් එතුමා සමග ඔට්ටු සෙල්ලම් කරන්න පටන් ගත්තා. අවසානයේදී සදාකාලික මිත්‍රත්වය අහිමි වෙන්න වැඩ සිද්ධ වුණා.