සෝමාලියවට එල්ල වූ දරුණුතම හා දැවන්තම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන් 300 ඉක්මවා ගොස් ඇතැයි එරට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් මේ වනවිට 500 ඉක්මවා ගොස් තිබෙන අතර තවත් සියයකට වැඩි පිරිස සුන්බුන් අතර සිර වී හෝ අතුරුදන් වී හෝ ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

මෙම ප්‍රහාරය මෑතකාලීනව ලොව එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙසින් හඳුන්වා දෙන්නට ද විදෙස් පුවත් සේවා කටයුතු කර තිබිණි. 
 ප්‍රහාරයෙන් 276 දෙනකු මියගිය බව සඳුඳා (16) උදෑසන සෝමාලියාවේ තොරතුරු හා සන්නිවේදන අමාත්‍යවරයා නිවේදනය කළ අතර 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද හෙතෙම පැවැසීය. 
 
ඉන් පැය කිහිපයකට පසු ප්‍රහාරයෙන් සහතිකවම 300ක් මියගොස් ඇතැයි සෝමාලියාවේ ‘අමින්’ ගිලන් රථ සේවයේ අධ්‍යක්ෂ අබ්දිකාදිර් අබ්දිරහ්මන් පැවැසීය. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් සුන්බුන් අතර තවත් සිය ගණනක් සිර වී සිටින බැවින් ජීවිත අහිමිවූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අබ්දිකාදිර් අබ්දිරහ්මන් කීය. 
 
සෝමාලියාවේ අගනුවර මොගඩිෂු හි ජනාකීර්ණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ගොඩනැගිලි රැසක් විනාශයට පත්වූ අතර මීටර් සිය ගණනක වපසරියක විසිරී ඇතැයි ද පුවත් සේවා වාර්තා කර තිබිණි. 
 සුන්බුන් අතර සැලිකය යුතු පිරිසක් සිරවී ඇති බැවින් සහ මියගිය පිරිස්වල මළසිරුරු ඔවුන්ගේ ඥාතීන් ඉක්මනින් වළ දැමීම නිසා මියගිය ගණන නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් ඇතැයි සහන සේවකයෝ පවසති.    

055