IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සෝමාලියා ප්‍රහාරයෙන් මරණ 300 ඉක්මවයි

සෝමාලියවට එල්ල වූ දරුණුතම හා දැවන්තම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන් 300 ඉක්මවා ගොස් ඇතැයි එරට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් මේ වනවිට 500 ඉක්මවා ගොස් තිබෙන අතර තවත් සියයකට වැඩි පිරිස සුන්බුන් අතර සිර වී හෝ අතුරුදන් වී හෝ ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 

මෙම ප්‍රහාරය මෑතකාලීනව ලොව එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙසින් හඳුන්වා දෙන්නට ද විදෙස් පුවත් සේවා කටයුතු කර තිබිණි. 
 ප්‍රහාරයෙන් 276 දෙනකු මියගිය බව සඳුඳා (16) උදෑසන සෝමාලියාවේ තොරතුරු හා සන්නිවේදන අමාත්‍යවරයා නිවේදනය කළ අතර 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද හෙතෙම පැවැසීය. 
 
ඉන් පැය කිහිපයකට පසු ප්‍රහාරයෙන් සහතිකවම 300ක් මියගොස් ඇතැයි සෝමාලියාවේ ‘අමින්’ ගිලන් රථ සේවයේ අධ්‍යක්ෂ අබ්දිකාදිර් අබ්දිරහ්මන් පැවැසීය. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් සුන්බුන් අතර තවත් සිය ගණනක් සිර වී සිටින බැවින් ජීවිත අහිමිවූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අබ්දිකාදිර් අබ්දිරහ්මන් කීය. 
 
සෝමාලියාවේ අගනුවර මොගඩිෂු හි ජනාකීර්ණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ගොඩනැගිලි රැසක් විනාශයට පත්වූ අතර මීටර් සිය ගණනක වපසරියක විසිරී ඇතැයි ද පුවත් සේවා වාර්තා කර තිබිණි. 
 සුන්බුන් අතර සැලිකය යුතු පිරිසක් සිරවී ඇති බැවින් සහ මියගිය පිරිස්වල මළසිරුරු ඔවුන්ගේ ඥාතීන් ඉක්මනින් වළ දැමීම නිසා මියගිය ගණන නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් ඇතැයි සහන සේවකයෝ පවසති.    

055



අදහස් (0)

සෝමාලියා ප්‍රහාරයෙන් මරණ 300 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site