IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඔබාමා - බුෂ් එක්ව ට්‍රම්ප්ගේ හම ගලවති

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වර්තාමනයේ ඇති වී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ් බුෂ් චෝදනාත්මක ස්වරූපයෙන් අදහස් දක්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නායකත්වය විවේචනයට ලක් කර ඇතැයි ද එම වාර්තා සඳහන් කරයි. දේශපාලනික වශයෙන් බෙදී වෙන්වී යෑමත් බියට පත්වීමත් ප්‍රතික්ෂේප කරන්නැයි හිටපු ජනාධිපති ඔබාමා ඇමෙරිකා ජනතාවගෙන් ඉල්ලා ඇති අතර ප්‍රසිද්ධියේ සිදු කරන දාමරිකම්, අයුතු බලපෑම්, හිරිහැර සහ පූර්ව මතවලට පැමිණෙමින් කරන පක්ෂපාතීකම් ආදිය දැඩි ලෙස විවේචනය කිරීමට හිටපු ජනාධිපති බුෂ් කටයුතු කර තිබේ. 

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ස්ථාන දෙකකදී මෙසේ චෝදනා කර ඇති අතර ඒ කිසිදු අවස්ථාවකදී ඔවුන් දෙදෙනා වත්මන් ජනාධිපති ට්‍රම්ප්ගේ නම ප්‍රකාශ කර නැතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.  හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා නිරන්තරයෙන් විවේචනය කරන ඩොනල්ඞ් ට්‍රම්ප් සිකුරාදා (20) හවස් වනතුරුත් මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමක් කර නොතිබිණි. 

ධුරයෙන් නික්ම යන ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරු සාමාන්‍යයෙන් සහ සාම්ප්‍රදායිකව තමන්ගෙන් පසු ධුරයට පත්වන්නා සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමෙන් වැළැකි සිටිති. එහෙත් ඔවුහු තමන්ගේ ධුරයට පත්වන්නාට නික්ම යන අවස්ථාවේදී සුබ පැතුම් එක් කරති. ඒ අනුව බුෂ් ජනාධිපතිවරයා ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපතිධුරයට පත්වූ සුබ පැතුම් එක් කළ අයුරින්ම හෙතෙම ධුරයෙන් නික්ම යද්දි නව ජනාධිපති ලෙස පත් වූ ට්‍රම්ප්ට සුබපැතුම් එක් කළේය. 

‘ඔබාමාකෙයා’ රක්ෂණාවරණය අවලංගු කිරීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා උත්සහ කළ අවස්ථාවේ සිට හිටපු ජනාධිපති බැරක් ඔබාමා තම නිහඬතව අවසන් කරමින් ට්‍රම්ප් පරිපාලනය විවේචනය කළේය. එම අවස්ථාවේදී පමණක් නොව ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ‘මුස්ලිම් තහනම’ සහ ‘පැරිස් ගිවිසුමෙ’න් ඉවත්වීමට තීරණය කළ අවස්ථාවේදීත් බැරක් ඔබාමා ට්‍රම්ප් ජනාධිපතිවරයා විවේචනය කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය දිනෙක ඔබාමා පරිපාලනය සමයේදී අත්සන් තබන ලද ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුම’ ඉරා දමන බවට ද තර්ජනය කළේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට පෙර දිනෙක උතුරු කොරියා අර්බුදය කලින් විසඳීමට කටයුතු නොකළ බව පවසමින් ඔබාමා, බුෂ් ඇතුළු හිටපු ජනාධිපතිවරුන් විවේචනය කිරීමට කටයුතු කර තිබිණි. 

055

 



අදහස් (4)

ඔබාමා - බුෂ් එක්ව ට්‍රම්ප්ගේ හම ගලවති

lalith Friday, 20 October 2017 09:22 PM

ඔය ට්‍රුම්ප් මහත්තයගෙයි අපේ රටේ රනිල් මහත්තයගෙයි වැඩි වෙනසක් නැහැනේ. දෙන්නම අඳින්නේ ටයි කොට. දෙන්නම කතා කරන්නේ ඉංගිරිසියෙන්. දෙන්නම අනිකාගේ වැරදි පෙන්නනවා මිසක් කරපු දෙයක් නැහැ. දෙන්නම එන්න එන්න ජනතාවගේ අප්‍රසාදයට පත් වෙනවා. දෙන්න ගැනම කියන මිනිස්සු කියන්නේ අයෙත් වතාවක් නම් චන්දයක් දිනන එකක් නැහැ කියල.

:       448       2619

himalMonday, 23 October 2017 10:34 AM

ට්‍රම්ප්, ඔබාමා ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි කතාව. නැත්නම් සිංහලෙන් කතා කරන්නද?

:       1       66

Perakum Saturday, 21 October 2017 01:59 PM

ට්‍රම්ප් මහත්තයට තිබුනේ ව්‍යාපාරික අත්දැකීම් පමණයි. දේශපාලනේ බින්දුවයි. එහෙම නෙවෙයි අපේ රනිල් මහත්තයා. හොඳ පළපුරුදු දේශපාලනඤයෙක් නේ. බලන්නකෝ අනිත් සැරේ මොකද වෙන්නේ කියලා.

:       2507       328

dasunSunday, 22 October 2017 02:00 AM

එහෙම හොඳ පළපුරුදු කෙනෙක්නම් 29 වතාවක් ඡන්දවලින් පැරදුනේ ඇයි. ඇයි තමුන්ට තනියෙන් ජනාධිපති ඡන්දයට ඉල්ලන්න බැරි.

:       200       2564

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site