වැනෙටාහිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
‘පැනමා පත්‍රිකා’වලින් අනාවරණය වූ තොරතුරු අනුව යමින් එරට සිදුවු දූෂණ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ මාධ්‍යවේදිනයක් ඝාතනයට ලක්වූවාය.
මෙසේ ඝාතනයට ලක්වූයේ ඩැෆ්නි කරුවානා ගැලිසියාය. ඇගේ මෝටර් රථයට බලය වැඩි පුපුරණ ද්‍රව්‍ය සහිත උපකරණයක් සවි කර තිබී ඇති අතර පිපිරීමෙන් මෝටර රථය සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබිණි. පිපිරීමත් සමඟ මෝටර් රථයේ කැබැලි අවට ස්ථානවලට විසි වී වැටුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
බ්ලෝග්වේදිනියකු හා ජනමාධ්‍යවේදිනියකු ලෙස කටයුතු ඩැෆ්නි එරට ප්‍රධානතම පුවත්පත්වල පාඨක පිරිසට වඩා පිරිසක් තම බ්ලෝග් සහ අන්තර්ජාල ලිපි වෙත ආකර්ෂණය කරගැනීමට සමත්වූවාය.
ඩැෆ්නි සී. ගැලිසියා මෑත කාලයේ සිටි ‘වන් වුමන් විකිලීක්ස්’ එසේත් නොමැති නම් තොරතුරු අනාවරණය කරන්නියක් ලෙසින් ප්‍රකට ‘පොලිටිකෝ’ වෙබ් අඩවිය විසින් හඳුන්වා දෙනු ලැබ තිබිණි. යුරෝපයේ කුඩාම සාමාජික රටවන මෝල්ටාවේ පාතලය, පාතල සාමාජිකයන් හා දේශපාලකයන් ආදි බලවත් පිරිස්වල දූෂණ වංචා ආදී කරුණු අනාවරණය කරමින් ලිපි ලියුවාය.
ඩැෆ්නි මෑතකදී මෝලටා අගමැති ජෝශප් මුස්කැට් සහ ඔහුගේ සමීපතමයන් දෙදෙනකු සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඔවුන්ගේ නීතිවිරෝධී ගනුදෙනු කරුණු හෙළි කිරීමට සමත්වූවාය.
අද (17) සවස් වනතුරුත් කිසිවකුත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබිණි.
මේ අවස්ථාවේදී සන්සුන්ව කටයුතු කරන්නැයි ද එකමුතුව, සහයෝගය හා සමගිය පෙන්වීම උදෙස නීති විරෝධි අයුරින් කටයුතු නොකරන්නැයි ඉල්ලූ එරට ජනාධිපති මාරි ලුවිස් කොලෙයිරෝ ප්‍රෙකා මෙම මිලේච්ඡ ප්‍රහාරයෙන් කම්පාවට පත්ව සිටින බව ද ප්‍රකාශ කළාය.
ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මෙම ප්‍රහාරය මිලේච්ඡ ප්‍රහාරයක් යැයි ද එය කිසිසේත් අනුමත කළ නොහැකි යැයි මෝලටා අගමැතිවරයා සඳහන් කර තිබිණි. තවද ඔහු මෙසේද ප්‍රකාශ කර තිබිණි.
“මෙම ප්‍රහාරය මිලේච්ඡ ප්‍රහාරයක්. මෙවැනි ප්‍රහාර කිසිසේත් අනුමත කරන්න බැහැ. ඇය මා දැඩි ලෙස විවේචනය කළා. ඇය දේශපාලනිකව සහ පෞද්ගලිකව මට දැඩි විවේචන එල්ල කළා. එහෙත් කිසිසේත් මේ ක්‍රියාව අනුමත කරන්න බැහැ. එමෙන්ම වරදකරුවන් හඳුනාගෙන ඔවුන්ට දැඩි දඬුවම් දිය යුතුයි” යනුවෙනි.
ඩැෆ්නි 53 හැවිරිදි වියේ පසු වූ අතර ඇය නිවසේ සිට මෝටර් රථයෙන් කෙටි දුරක් ගමන් කළ විගස පිපිරීම සිදුව ඇතැයි ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. එමෙන්ම පිපිරීම සිදු වු විගස ඇයෙග් පුතකුද නිවසනි පිටතට පැමිණි බව ද සිදුවීම දුටු අයකු පවසා තිබිණි.
මේ අතර ඩැෆ්නිගේ ඝාතනයත් සමඟ දහස් ගණනක් වීදිවලට පැමිණි සිටි බවද වාර්තා විය. ඩැෆ්නි ඝාතනයට ලක්වන විට අන්තර්ජාතික ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා සම්බන්ධව ද කටයුතු කරමින් සිටියාය.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ විතරක් නෙවෙයි මොල්ටවෙත් ඉන්නවා කිඔුල් කඳුළු හෙලන අය. එහෙනම් එහෙත් ලංකාවේ වගේම කකුල් දෙකේ කිඹුල්ලු ඉන්නවා
පැහැදිලිවම රාජ්‍ය අනුග්‍රහයෙන් කල ඝාතනයකි. මෝල්ටා අගමැති ජෝශප් මුස්කැට් තමා කල අපරාධයෙන් ගැලවීමට වහා ක්‍රියා කර ඇත. අපේ අය එතරම් දක්ෂ නැත.
ලංකාවේ පසුගිය දශකයේ වගේ මොල්ටාවෙත් මාධ්‍යවේදින්ට බොහෝ අසුබයි වගේ.