කාබුල්හිදීය (රොයිටර්)
ඇෆ්ගනිස්තාන පල්ලි දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර දෙකකින් 50කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
කාබුල් අගනුවර ෂියා මුස්ලිම් පල්ලියකට සහ රට මැදට වන්නට පිහිටි තවත් පල්ලියකට මෙලෙස මරාගෙන බෝම්බ ප්‍රහාර එල්ල වී තිබේ.
ෂියා මුස්ලිම් පල්ලියට එල්ල වූ ප්‍රහාරයෙන් 30 දෙනකු ද අනෙක් ප්‍රහාරයෙන් 20 දෙනකු ද මියගොස් ඇතැයි ඇෆ්ගන් ආරංචි මාර්ග සඳහන් කරයි. කාබුල් ප්‍රහාරය ෂියා සුළුතරය ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර මාලාවේ නවතම ප්‍රහාරය වන අතර ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී යාච්ඥා සඳහා පැමිණි ෂියා මුස්ලිම් ආගමිකයන් එහි වී ඇතැයි ද වාර්තා විය. ප්‍රහාරයෙන් කොතරම් පිරිසක් මියගොස් ඇති ද යන්න නිශ්චිතව කිව නොහැකි බවත් ආරක්ෂක අංශ සිකුරාදා රාත්‍රී 10 වනවිට මළසිරුරු 30 ඉවත් කළ බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨයෙක් පැවැසීය. ප්‍රහාරයෙන් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා විය.
ඇෆ්ගනිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් මේ වසරේදී අනෙක් වසරවලට සාපේක්ෂව ප්‍රහාර රැසක් එල්ල වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවකට මේ වසරේදී එල්ල වූ ප්‍රහාරවලින් ෂියා මුස්ලිම්වරුන් 84 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා තිබේ. එම වාර්තාව සැකසීමේදී පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී කාබුල් නුවර පිහිටි ෂියා පල්ලිවලට එල්ල වූ ප්‍රහාර ද සැලකිල්ලට ගෙන තිබේ. රාත්‍රීය වනතුරුත් කිසිදු සංවිධානයක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබුණු බව ද වැඩිදුරටත් වාර්තා විය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය හොයන්නෙම ලේ විතරමද?
ඉරාකයට කළා වගේ ෂියා සහ සුන්නි කියා වර්ගීකරණයක් කර එකිනෙකා කොටවන්නයි සූදානම. ඒ දෙගොල්ලන් ගහ ගන්නවා අපි බේරනවා ඇමෙරිකාව ලෝකයට කියාවි.
ලෝක ප්‍රකට අති දුර්ලභ ඓතිහාසික මෙන්ම කලාත්මක හා ආගමික වටිනාකමකින් යුත් බුදු පිළිම විනාශ කරපු අයට දිට්ඨ ධම්ම වේදනීය විපාක ලැබීම ලෝක ස්වභාවයක්. එය විමතියට කරුණක් නොවේ.