IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අහසේ සැරිසරයි

බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අර්ධද්වීපයට ඉහලින් ගමන් කරවූ බව ඇමරිකාව පවසයි. ඇමරිකාවට අයත් බී -1බි ප්‍රහාරක යානා සහ දකුණු කොරියාවට අයත් එෆ් - 15කේ යුද යානා එක්ව මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ.

ඇමරිකාවට අයත් ගුවෑම් දූපතේ සිට ගුවන්ගත කර ඇති යානා නැගෙනහිර මුහුදේ සහ කහ මුහුදේ ප්‍රහාරක අභ්‍යාස සිදු කළ බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.  ජපාන ගුවන් හමුදාව ද මේ සඳහා සහාය දක්වා ඇත.

(බීබිසී පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (9)

බෝම්බ හෙලන ප්‍රහාරක යානා දෙකක් කොරියානු අහසේ සැරිසරයි

ruchi Wednesday, 11 October 2017 08:52 AM

ඔන්න කන්නයි දැන් හදන්නේ

:       378       426

සෙනෙවිThursday, 12 October 2017 11:05 AM

ඔන්න ඇමරිකාව ඉල්ලන් කන්න යන්නෙ

:       11       48

sachith Wednesday, 11 October 2017 09:02 AM

යුද්ධයක් ඇති වුණොත් උතුරු කොරියාව යුද්ධයට යන්නේ මරාගෙන මැරෙන්න මිසක් කවදාවත් එ්කෙන් ජය ගන්න බෑ කියල දන්නවා. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය කොරියානු දේශසීමාවේ ඉන්න 25000 වඩා වැඩි ඇමරිකානු හමුදාවට උපරිම ප්‍රහාරයක් එල්ලකරන එක. මොකද මිසයිලයක් දෙකක් තුනක් යැව්වට කවදාවත් ඕව ඉලක්කයට යන්න කලින් ප්‍රති මිසයිල ආරක්ෂණ පද්ධති වලින් විනාස කරනවා.

:       231       272

AntonWednesday, 11 October 2017 01:30 PM

මේජර් සචිත් ඔබ උතුරු කොරියාවේ හමුදා අැමැතිද ?

:       344       290

sachithThursday, 12 October 2017 01:01 AM

ඔබතුමා දන්නවද, ඇමරිකාව, රුසියාව වගේ රටවලට අභ්‍යවකාශ ආරක්ෂණ හමුදා එකක තියනවා කියල? අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අභ්‍යවකාශයට ඇතුල් වෙන්නත් කලින් මේ රටවලට ඒවා හදුනාගන්න පුළුවන්. චන්ද්‍රිකා, රේඩාර්, සියගණනක් තොරතුරු ගවේෂණ ගුවන්යානා හැම වෙලාවේම මේවා ගැන අවදානෙන් ඉන්නේ. 1983 රුසියාවේ මේවගේ ආරක්ෂණ පද්දතියෙන් වලාකුලුවල තියෙන ජලයට එලිය වැටිලා පරාවර්තනය ඇමරිකානු මිසයිල වලින් එන ගිනිදැල් කියල හදුනාගෙන තිබ්බ. ස්ටනිශ්ලොව් පෙට්‍රොව් කියන රුසියානු අභ්‍යවකාශ ආරක්ෂණ හමුදා නිලධාරියා ඒක හරියට හොයා නොගත්තානම් එදා තුන්වෙනි ලෝක යුද්දය පටන් ගන්නවා. 1953 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උතුරු-දකුණු කොරියානු දේශසීමාවේ යුදමුක්ත කලාපයක් පිහිටෙව්වා. එකේ දකුණු කොරියානු හමුදාව එක්ක ඇමරිකානු පාබල හමුදාව ආරක්ෂාවට ඉන්නවා. දකුණු කොරියාවේ සම්පුර්ණයෙන්ම 37500 ඇමරිකානු හමුදා ඉන්නවා. උතුරු කොරියාවට කවදාවත් ඇමරිකානු භුමියේ හමුදා මෙහෙයුමක් කරන්න බෑ (ගරිල්ලා මෙහෙයුමක් ඇරෙන්න). එක නිසා ඔවුන් ඉලක්ක කරන්න දකුණු කොරියාවේ ඉන්න ඇමරිකානු සෙබළුන් විසල පිරිසක් විනාස කරන්න.

:       0       202

fernandoFriday, 13 October 2017 02:35 AM

ඔව් මැලේසියානු MH370 හොයා ගත්තෙත් මේවායෙන් තමයි. අපි නොදන්න රේඩාර්

:       18       4

sachithFriday, 13 October 2017 04:34 AM

MH370 ට වුණ දේ කවද හරි හෙළි වෙයි. එකට ඇත්තම වුණ දේ මේ රටවල් දන්නවා. ඒක දන්නේ නෑ කියන්නේ බොරුවක්. සෝදිසි මෙහෙයුම් කියන්නේ ඇත්ත වසන් කරන්න කරන දෙයක් විතරයි.

:       0       39

saman Wednesday, 11 October 2017 01:35 PM

සම්බාධක පනවපු ග්‍රාමසේවක හොයාගෙන මේ පැත්තටවත් එයිද?

:       39       363

ගයාන් ප්‍රියන්ත Thursday, 12 October 2017 11:44 AM

මම නම් කියන්නේ ගහලා දාන්න ඕනේ. මේ වගේ අමානුශික නීති වලින් මිනිස්සු පාලනය කරන ලෝකෙටම තර්ජනයක් වෙච්ච රටක් තව දුරටත් තියන එක ලෝකෙටම අවදානමක්. මේක ලෝකේ තියන විශාලම සිර කදවුර. කලින් මේ රටේ නායකයා මැරුන වෙලාවේ මිනිස්සු පොලොවේ හැපි හැපි ඇඩුවේ. මොකද එහෙම කලේ නැත්තන් හිමි වන්නේ මරණය.

:       144       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site