
හදිසියේ ඉල්ලා අස්වූ පැරගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති සැන්ටියාගෝ පීනාට එරෙහිව එරට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා තිබේ. ඒ, ජනතා විශ්වාසය කඩකිරීම සහ පෞද්ගලික වාසි අපේක්ෂාවෙන් රාජ්‍ය පරිපාලනය අවභාවිත කිරීම යන චෝදනා එල්ල කරමිනි.
හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ රජය සමග සමීප සබඳතා පැවැත්වූ එරට ප්‍රධාන පෙළේ ඩිජිටල් මූල්‍ය ආයතනයක් වන 'උඑනෝ' බැංකුව කඩාවැටීමත් සමග මෙම නෛතික පියවර ගෙන ඇත.
එම බැංකුවේ කඩාවැටීම හේතුවෙන් රටේ ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයකට තම බැංකු ගිණුම් භාවිත කිරීමට නොහැකි වන සේ දරුණු මූල්‍ය අර්බුදයක් නිර්මාණය විය. බැංකුවේ කඩාවැටීමත් සමග එහි පාලනය පැරගුවේ මහ බැංකුව යටතට පත්කර ඇති බව ද පැවැසෙයි.
මෙම ඩිජිටල් බැංකුව සමග හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ව්‍යාපාරික සබඳතා පැවැති බවට ද චෝදනා එල්ල වී තිබේ. පීනාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරු සූදානම් වූ අතර, ඒ හරහා ඔහුව ධුරයෙන් නෙරපා හැරීමට උත්සාහ ගන්නා අතරතුර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒකමතිකව තීරණය කළහ.
මේ වනවිට අත්අඩංගුවේ පසුවන පීනාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනා අතර, ජනාධිපති බලතල අවභාවිත කිරීම, පෞද්ගලික හිතවත්කම් මත කටයුතු කිරීම, විශ්‍රාම වැටුප් අරමුදල් වෙනත් කටයුතුවලට යෙදවීම සහ මහ බැංකුව සම්බන්ධ කරගනිමින් සිදුකළ තොරතුරු වසන් කිරීමේ ක්‍රියාමාර්ග ප්‍රධාන වේ. කෙසේ වෙතත්, තමන් කිසිදු වැරැද්දක් සිදුකර නොමැති බව හිටපු ජනාධිපතිවරයා තරයේ පවසයි.
හටගත් මෙම හදිසි දේශපාලන අර්බුදය හමුවේ පැරගුවේ රාජ්‍යයේ නව අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස හිටපු නියෝජ්‍ය ජනාධිපති පේද්රෝ අලියානා දිවුරුම් දී ඇත. මෙම බැංකු අර්බුදයෙන් අසරණ වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් වහාම පියවර ගන්නා බවත්, ඔවුන්ව කිසිසේත් අතනොහරින බවත් නව අන්තර්වාර ජනාධිපතිවරයා ජාතිය අමතමින් පොරොන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd