ඉන්දියානු ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අරුණාචල් ප්‍රාන්තයේදී අනතුරට ලක්වීමෙන් හත්දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. ගුවන් හමුදාවේ කාර්යමණ්ඩලයේ පස්දෙනකුද ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනකු ද මෙසේ මියගොස් ඇත. 
හෙලිකොප්ටරය රුසියාවේ නිශ්පාදිත එකත් බවත් එය පරීක්ෂණ මෙහෙයුමක් සඳහා ගුවන්ගත කර තිබූ බවත් පැවසේ. චීන ඉන්දියා දේශසීමාව ආසන්නයේ මෙම අනතුර සිදුවී ඇත. සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් දියත් කර ඇතිබව ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති.
 
(බීබිසි පුවත් ඇසුරිණි - 085)