තායිලන්තයේ වෙරළ තීරයන්හි දුම්බීම තහනම් කරමින් එරට අධිකරණය නියෝගයක් පනවා ඇති බව වාර්තා වේ.
මෙම නීතිය කඩකරන්නන්ට වසරක කාලයක් දක්වා සිරදඬුවමක් හෝ ඩොලර් 3850ක දඩයක් නියම වන බව බලධාරීහු පවසති. නොවැම්බර් මස පළමුවනදා සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වෙරළ තීරයන් 20ක් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය වෙරළ තීරයන් කිහිපයක්ද මෙයට ඇතුලත් වන බව තායිලන්ත වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
තායිලන්තයේ මුහුදු වෙරළ දැඩි ලෙස අපවිත්‍ර කරමින් සිගරට් කොට සිය දහස් ගනනින් දිනපතා එකතුවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවූ බවද ඔවුන් පවසා ඇත.
පරිසර සංවිධාන පවසන්නේ වෙරළින් එකතුවන සමස්ථ අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් තුනෙන් එකක් සිගරට් කොට වලින් සමන්විත වන බවයි. පැටොං වෙරළ පිරිසිදු කිරීමේදී කිලෝමීටර් 2.5කින් සිගරට් කොට 138000ක් ඔවුන්ට හමුවී ඇත.
ඉදිරියේදි මෙම නීතිය සියලුම වෙරළ තීරයන්ට ක්‍රියාත්මක කිරීමට ද තායිලන්ත රජය බලාපොරොත්තු වේ.
(ද සිඩ්නි මෝනිං හැරල්ඩ් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිලන්ත වෙරළේ දුම්බීම තහනම්
benat Wednesday, 11 October 2017 08:30 PM
තායිලන්තයට සංචාරක කර්මාන්තය එපා වෙලා වගේ.. දැන් ඉතින් ඔය මුහුදට එන සංචාරකයෝ ටික ටික අඩුවෙයි හිතාගන්න බැරි වෙන ඉක්මනින් ..
MP Thursday, 12 October 2017 07:03 AM
සංචාරය කරන්නේ රටක් බලන්නද, නැත්නම් දුම් බොන්නද?
rohan Thursday, 12 October 2017 09:29 AM
දුම් පානය නැතුව සංචාරකයන්ට වෙරළේ සිරි නරඹන්න සුව විදින්න බැරිද හොද තීරණයක් පරිසරය හැම විටම සුරකින්නන් ඕනේ