නයිජීරියාවේ නැගෙනහිර අදමාවා පළාතේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50 දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මූබි නගරයේ දේවස්ථානයක උදෑසන යාඥා මෙහෙයේ යෙදෙමින් සිටි පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වි ඇත. මරාගෙන මැරෙන ප්‍රහාරයට පැමිණ ඇත්තේ ගැටවරවියේ පසුවන අයකු බවත් මියගොස් ඇති සියලු දෙනාම පිරිමි අය බවත් පොලිසිය පවසයි.

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු බාරගෙන නොමැති නමුත් බෝකෝ හරාම් ත්‍රස්තයන් විසින් නයිජීරියාවේ උතුරු ප්‍රදේශයේ මෙවැනි ප්‍රහාර නිරන්තරවම එල්ල කරන බව පැවසේ.

පසුගිය අවුරුදු අටක කාලය තුළ පැවති කලබලකාරී වාතාවරණය හමුවේ සාමාන්‍ය වැසියන් 20 000ක් පමණ මියගොස් ඇත.

(බීබීසී ඇසුරිණි - 085)