යේමනයේ හිටපු ජනපති අලි අබ්දුල්ලා සලාහ් මරා දමා ඇති බව යේමන් මාධ්‍ය වාර්තා කර ඇත.
යේමනයේ ක්‍රියාත්මක හවුති කැරළිකරුවන් විසින් පවත්වාගෙන යන රූපවාහිනී නාලිකාවකින් මේ බව නිවේදනය කර ඇත.
පසුගිය සතිය පුරාම සලාහ්ගේ කණ්ඩායම් සහ හවුති ගරිල්ලන් අතර දරුණු සටන් පැවති බව වාර්තා වේ. යේමනයේ අගනුවර වන සනා නගරයේ පැවති මෙම ගැටුම් වලින් 125දෙනකු පමණ මියගොස් 238ක් පමණ තුවාල ලැබූ බව රතුකුරුස සංවිධානය නිවේදනය කර තිබිණි. හවුති කැරළි කරුවෝ සනාගේ නිවසටද ගිණි තැබූහ.
අලි අබ්දුල්ලා සලාහ් දශක තුනක කාලයක් යේමනය පාලනය කර ඇති අතර 2011 වර්ෂයේ දී ජනපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යේමනයේ හිටපු ජනපති මරා දමලා