වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ත්‍රස්තවාදය කෙරෙහි අවධානය යොමු කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ට අවධාරණය කර සිටී.
“මා ගැන අවධානය යොමු කරන්න එපා. එක්සත් රාජධානිය තුළ ක්‍රියාත්මක අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදය කෙරෙහි අවධානය යොමු කරන්න” යැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අගමැතිනියට කියා තිබිණි.
ඇමෙරිකා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායමේ වීඩියෝ පට තුනක් තම ට්විටර් සමාජ ජාල ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළේය. බ්‍රිතාන්‍යය අගමැතිනිය එය විවේචනයට ලක්කර තිබිණි.
“ජනාධිපතිවරයකු එසේ කිරීම වැරැදියි” යැයි බ්‍රිතාන්‍ය අගමැතිනියගේ ප්‍රකාශයකු ද පවසා තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ලොව සිටින විශේෂ සබඳතාවක් ඇති මිත්‍ර රටවල් දෙකක් ලෙස සැලකේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරයට පසු ධවල මන්දිරයේදී ඔහු හමුවු ප්‍රධාන රාජ්‍ය නායකයා වන්නේ ද බ්‍රිතාන්‍යය අගමැතිනියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොනල්ඞ් ට්‍රම්ප් ඔබ පමණි ලෝකයේ සිටින එකම බුද්දිමත් පාලකයා. අපි ඔබට ආදරය කරනවා.
ට්‍රම්ප් යනු අනෙකුත් ලෝක නායකයන්ට වඩා අදූරදර්ශී පාලකයෙකි.