IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සුකී නිහඬ නැති බව කියයි

නෙයිපිඩෝව්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
රොහින්ග්‍යා අර්බුදයේදී තමන් නිහඬව නොසිටි බව එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් මියන්මාරයේ නායිකා අවුන් සාන් සූකී ප්‍රකාශ කරයි.  
නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකී මියන්මාරයේ පළමු සහ වත්මන් රාජ්‍ය මන්ත්‍රණ සභිකාව වන අතර එම තනතුර අග්‍රාමාත්‍ය ධුරයකට සමාන වේ.
රොහින්ග්‍යාවරුන්ට එරෙහිව සංහාරයක් ක්‍රියාත්මක වන බවටත් අවුන් සාන් සූකී ඒ සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවටත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලින් දැඩි චෝදනා මාලාවක් එල්ල විය. ඇයට ලබාදුන් නොබෙල් සාම ත්‍යාගය නැවත පවරා ගත යුතු බවටද ඇතැම් පාර්ශව අවධාරණය කළේය. 
මියන්මාරයේ සංචාරයක යෙදී සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන් සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් සූකී එම චෝදනා ප්‍රතික්ෂේප කළාය. 
“මම නිහඬව සිටියේ නැහැ. මම කියපු කරුණුවල එතරම් සිත්ගන්නා ස්වභාවයක් තිබුණේ නැති බව තමයි ජනතාව අදහස් කළේ. මා කතා කළේ පුදුමයට පත් කරන්න නෙමෙයි. උනන්දුව හෝ ආකර්ෂණය ඇති කරන්න නෙමෙයි. මම කතා කළේ යථා තත්ත්වයයි. සත්‍යයි. සැබෑ තත්ත්වයයි. ජනතාව එකිනෙකාට එරෙහි වන තත්ත්වයක් ඇති කිරීමට මට අවශ්‍ය වුණේ නැහැ” යැයි ද සූකී කීවාය.  

 



අදහස් (6)

සුකී නිහඬ නැති බව කියයි

Gihan Thursday, 16 November 2017 02:10 PM

මෙහෙමයි සුකී නෝනේ. ඇමෙරිකාවේ අය මැරෙන කොට ඒක ත්‍රස්තවාදය. ඒක මර්ධනය කරන්න ඕනේ, ත්‍රස්තවාදියාගේ රටේ මිලියන් 10ක් විතර මරලා. හැබැයි මියන්මාරේ, ලංකාවේ බෞද්ධයෝ මරනකොට ඒක එච්චර ගනං ගන්න ඕනේ දෙයක් නෙමේ. ඒ මිනීමරුවන්ව මරනකොට සහජීවනේ, මානව අයිතිවාසිකම් වගේ ගොඩක් දේවල් බලපානවා. තේරුම් ගන්න දැන්වත්.

:       766       738

KumarathilakaFriday, 17 November 2017 01:40 AM

එතන ඔහේ වැරදියි. මියන්මාරේ රොහින්න්‍යා උන්ව මැරුවෙ නැ. බලෙන් ‍රැඳී හිටි තැන් වලින් එලෙව්වා. මෙයා චැනල් 4 වලට එහා.

:       107       45

anura Thursday, 16 November 2017 02:20 PM

තෑගි බෝග, වරප්‍රසාද වලට යට නොවී තමන්ගේ ජනතාව සමග සිටි ඔබට සුභ පතනවා!

:       871       792

Lal Thursday, 16 November 2017 03:58 PM

නොබෙල් සාම ත්‍යාගය වගේද තමන්ගේ රට, ජාතිය, ආගම විනාශ කිරීම. අපේ රටේ ඉන්න පොල්පිති නායකයින්ට වඞා අපි ඔබතුමියට ගරුකරනවා.

:       325       344

narada Thursday, 16 November 2017 04:15 PM

එකට අපේ ලොක්කෝ දෙන්නා...රටම උනත් දෙඉ ....තමන්ගේ වාසියට...

:       106       20

senarath Saturday, 18 November 2017 04:48 PM

නොබෙල් සාම ත්‍යාගය වගේද තමන්ගේ රට, ජාතිය, ආගම විනාශ කිරීම. අපේ රටේ ඉන්න පොල්පිති නායකයින්ට වඩා අපි ඔබතුමියට ගරුකරනවා.

:       112       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site