නිමල කොඩිතුවක්කු
එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මෙම මස 20 වැනි දින සිට දිවයින පුරා තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජයමාන්න පැවසීය.
එතෙක් පවතින වැසි තත්ත්වයේ සුළු අඩුවීමක් අපේක්ෂා කරන බව ද ලබන විසි වැනිදායින් පසුව බෙංගාල බොක්කේ කැලඹිලි තත්ත්ව තිව්ර වියහැකි බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. ගංවතුර, නායයාම් වැනි තත්ත්වයන් එම කාලයේදී ඇති විය හැකි බැවින් කාලගුණ අනාවැකි පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම කීය.
එල්නිනෝ තත්ත්වය ප්රබල මට්ටමට වර්ධනය වී ඉදිරි මාස තුනේ දී එය උපරිමයට ළඟා වන බවත්, ඒ අනුව ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙකේදී තදවැසි, ගංවතුර සහ නායයෑම් ඇති විය හැකි බවත් අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
දෙසැම්බර් මාසයේ දී දිවයිනේ ඊසාන දිග කොටසට වැඩි වර්ෂාවක් බලාපොරොත්තු වන බවද විජේමාන්න කීය.
දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය 1950 වසරේ සිට මේ දක්වා කාලයේදී වාර්තා වූ දරුණුතම එල්නිනෝව වීමේ සම්භාවිතාව සියයට 69 - 75 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
ලබන පෙබරවාරි දක්වා කාලයේදී මෙම එල්නිනෝ තත්ත්වය ප්රබල එල්නිනෝ‘ තත්ත්වයක් බවට පත්වීමේ සම්භාවිතාව සියයට 100ක් තරම් ඉහළ අගයක පවතින බව ද අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ගෝලිය පුරෝකථන දත්ත අනුව ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනට ඇදහැළෙන වර්ෂාපතනය සාමාන්ය මට්ටමට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවද වර්ෂාව පැවතියද දිවයිනට බලපා ඇති උෂ්ණත්වය ඉහළ අගයක් ගනු ඇති බවද කීය.
එළඹෙන වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය ඇතුළත දිවයිනේ බොහෝ ප්රදේශවල වර්ෂාපතනය අඩුවී අධික උණුසුම් තත්ත්වයක් පවතිනු ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්රේල් යන මාසවල උෂ්ණත්වය ඉහළ වර්ෂාපතනය අඩු කාලගුණයක් බලාපොරොත්තු වන බවද අජිත් විජේමාන්න පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd