සුජිත් හේවාජුලිගේ
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂට එරෙහිව පැවැත්වෙන විමර්ශන කිහිපයක ලිපිගොනු නීතිපතිවරයාට බාරදී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය.
තවත් විමර්ශනයක් අවසන් අදියරේ පවතින බවද ඔහු සඳහන් කළේය. මෙලෙස විමර්ශන වාර්තා නීතිපතිවරයාට බාරදීමෙන් පසු අවශ්ය රතු නිවේදනය ගැනීමට ක්රියාමාර්ග ගැනෙනු ඇතැයි අමාත්යවරයා පැවසීය.
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජාත්යන්තර පොලිසිය විසින් නිල් නිවේදනයක් දැනටමත් නිකුත් කරනු ලැබ ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත බැසිල් රාජපක්ෂ පදිංචිව සිටින ස්ථානය හෝ තොරතුරු හඳුනා ගැනීම සඳහා ජාත්යන්තර පොලිසිය විසින් මෙම නිල් නිවේදනය නිකුත් කරන ලදී.
හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂට එරෙහිව ශ්රී ලංකාවේ අධිකරණ හමුවේ ප්රධාන වශයෙන් මූල්ය වංචා සහ රජයේ මුදල් අවභාවිතය සම්බන්ධ නඩු සහ විමර්ශන ක්රියාත්මක වෙමින් පවතී.
ඔහු දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමටද අධිකරණය පියවර ගෙන ඇත. මේ අතර බැසිල් රාජපක්ෂට අයත් බව පැවසෙන දේපොළ කිහිපයක් දැනටමත් තහනම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd