දකුණු කොරියාවේ දකුණු දිග ජේචියොන්හි ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් 29දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මහල් අටකින් යුතු මෙම ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි හුමාල ස්නාන කුටියක බොහෝ පිරිසක් සිරවී සිටි බව ගිනි නිවන සේවකයෝ පවසති. මියගිය අය අතර කාන්තාවන් 20දෙනකු සිටින බව පැවසේ.ගොඩනැගිල්ලේ වහල උඩ සිටි 30දෙනකු පමණ බේරා ගෙන රෝහල් ගත කර ඇත.
ගින්න ක්ෂණිකව පැතිරී ගිය බවත් එයින් නැගුනු විෂ සහිත දුමාරය පැතිරීම හේතුවෙන් බොහෝ පිරිසක් අනතුරට පත් වූ බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ගොඩනැගිල්ලේ කායවර්ධන මධ්‍යස්ථානයක්, අවන්හලක් සහ හුමාල ස්නානාගාරයක් තිබී ඇත.
සිද්ධිය සම්බන්දව මහජන විරෝධයක් දකුණු කොරියානු රජය වෙත එල්ලවෙමින් පවතින බවද වාර්තා වේ.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
726
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2390
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දකුණු කොරියාවේ ගින්නකින් 29ක් මරුට