දකුණු කොරියාවේ දකුණු දිග ජේචියොන්හි ක්‍රීඩා මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නකින් 29දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මහල් අටකින් යුතු මෙම ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටි හුමාල ස්නාන කුටියක බොහෝ පිරිසක් සිරවී සිටි බව ගිනි නිවන සේවකයෝ පවසති. මියගිය අය අතර කාන්තාවන් 20දෙනකු සිටින බව පැවසේ.ගොඩනැගිල්ලේ වහල උඩ සිටි 30දෙනකු පමණ බේරා ගෙන රෝහල් ගත කර ඇත.
ගින්න ක්ෂණිකව පැතිරී ගිය බවත් එයින් නැගුනු විෂ සහිත දුමාරය පැතිරීම හේතුවෙන් බොහෝ පිරිසක් අනතුරට පත් වූ බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම ගොඩනැගිල්ලේ කායවර්ධන මධ්‍යස්ථානයක්, අවන්හලක් සහ හුමාල ස්නානාගාරයක් තිබී ඇත.
සිද්ධිය සම්බන්දව මහජන විරෝධයක් දකුණු කොරියානු රජය වෙත එල්ලවෙමින් පවතින බවද වාර්තා වේ.
(රොයිටර් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd