ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ පැතිරෙන ලැව්ගිනි හේතුවෙන් ලෝස් ඇන්ජලීස් වලට දකුණින් පිහිටි වෙන්ටුරා සහ සැන්ටා පවුලා නගරවල 27000ක පමණ පිරිසක් නිවෙස් වලින් ඉවත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
පවතින තද සුළං හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිරෙන බවට ගිනිනිවන හමුදාව අනතුරු අඟවා ඇත.
ගින්නෙන් හෙක්ටයාර් 10500ක් පමණ විනාශ වී ඇති බවත් බොහෝ ප්‍රදේශ වල විදුලිය විසන්ධි වී ඇති බවත් පැවසේ. වෙන්ටුරා නගරයේ නිවාස සංකීර්ණයක් ද ගින්නට හසුව විනාශ වී ඇත. තවත් ගොඩනැගිලි 150ක් පමණ ගින්නෙන් විනාශ වී ඇත.
පසුගිය ඔක්තෝබර් මාසයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් 40ක් පමණ මියගිය අතර ගොඩනැගිලි 10000ක් පමණ විනාශ විය.
085
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd