ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයේ ගමන් කරමින් තිබූ මගී දුම්රියක් අධිවේගී මාර්ගයක් මතට කඩාවැටීමෙන් අවම වශයෙන් තිදෙනකු මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
සියැටල් සිට පෝට්ලන්ඩ් වෙත ගමන් කරමින් තිබූ දුම්රිය අනතුරට පත්වීමට පෙර පැයට කිලෝමීටර් 130ක වේගයෙන් ධාවනය වී ඇති බව බලධාරීහු පවසති. 
 
ඇම්ට්‍රැක් දුම්රිය සේවයට අයත් මෙම දුම්රිය මංගල ගමන මෙය බව පැවසනෙ අතර
පොලිසිය පවසන්නේ ධාවනය වෙමින් තිබූ දුම්රිය පීලි පැනීම නිසා පහළ අධිවේගී මාර්ගයට කඩා වැටී ඇති බවයි. 
 
අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ පහක් සහ ලොරි දෙකක් මේ හේතුවෙන් අනතුරට පත්වී තිබේ.
 
මරණයට පත්වූ  සියලුදෙනා දුම්රියේ ගමන්ගත් අය බවත් අනතුරට පත්වන අවස්ථාවේ දුම්රියේ මගීන් 77ක් සහ සේවකයින් හත්දෙනකු ගමන් කර ඇති බවත් දුම්රිය සමාගම පවසයි.
 
(රොයිටර් ඇසුරිනි - 085)