සිරියාවේ කැරළිකරුවන් පාලනය කරන ඉඩ්ලිබ් පළාතේ ගම්මානයකට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් 19දෙනකු මියගොස් 25ක් පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

සිරියාවේ සිටින බ්‍රිතාන්‍ය නිරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ මියගිය අය අතර දරුවන් හත්දෙනකු සිටින බවයි. 
මෙම ප්‍රහාර සිරියානු රජය හෝ රුසියානු ප්‍රහාරක යානා මගින් සිදු කරන ලද බව යුධ නිරීක්ෂණ කණ්ඩායම් පවසයි. 
ඉඩ්ලිබ් කැරළිකරුවන්ගේ පාලනය යටතේ පවතින ජනගහනයෙන් වැඩිම ප්‍රදේශයක් ලෙස සඳහන් වේ.
 
(රොයිටර් ඇසුරිණි - 085)