IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඊශ්‍රායලය ගාසා කපොල්ල වසා දමයි

ජෙරුසලෙම්දීය (රොයිටර්) 
 
ගාසා දේශසීමා කපොල්ල වසා දමන බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ. 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම හඳුනාගැනීමත් සමඟ ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල වන්නට වී තිබේ.
 
ඇමෙරිකා ජනාධිපතිවරයා ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස හඳුනාගන්නා බවත් තෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යන බවත් ප්‍රකාශ කිරීම පලස්තීන වැසියන්ගේ කෝපයට හේතු වී තිබේ. 
 
ඊශ්‍රායල ගුවන් හමුදාව හමාස් සංවිධානයට අයත් ස්ථාන තුනකට ප්‍රහාර එල්ල කර ඇතැයි ද වාර්තා විය. ගාසා තීරයේ පාලනය තිබෙන්නේ හමාස් සංවිධානය සතුවය. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණයත් සමඟ හමාස් සංවිධානය දිනපතා ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ. 
 
හමාස් සංවිධානයේ ආයුධ ගබඩා කරන ස්ථාන සහ පුහුණු කඳවුරු පවත්වාගෙන යන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ද ඊශ්‍රායල ගුවන් හමුදාව සඳහන් කරයි. 
 
හමාස් සංවිධානය එල්ල කරන ලද රොකට් ප්‍රහාර දෙකක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායලය සමත්ව තිබෙන අතර අද උදෑසන එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් විවෘත ප්‍රදේශයකදී පුපුරා ගොස් තිබේ. ප්‍රහාරවලින් දෙපාර්ශවයේ කිසිවකුටත් හානි සිදු වී නැතැයි ද වාර්තා විය. 



අදහස් (0)

ඊශ්‍රායලය ගාසා කපොල්ල වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site