ජෙරුසලෙම්දීය (රොයිටර්)
ගාසා දේශසීමා කපොල්ල වසා දමන බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම හඳුනාගැනීමත් සමඟ ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල වන්නට වී තිබේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස හඳුනාගන්නා බවත් තෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යන බවත් ප්‍රකාශ කිරීම පලස්තීන වැසියන්ගේ කෝපයට හේතු වී තිබේ.
ඊශ්‍රායල ගුවන් හමුදාව හමාස් සංවිධානයට අයත් ස්ථාන තුනකට ප්‍රහාර එල්ල කර ඇතැයි ද වාර්තා විය. ගාසා තීරයේ පාලනය තිබෙන්නේ හමාස් සංවිධානය සතුවය. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණයත් සමඟ හමාස් සංවිධානය දිනපතා ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ.
හමාස් සංවිධානයේ ආයුධ ගබඩා කරන ස්ථාන සහ පුහුණු කඳවුරු පවත්වාගෙන යන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ද ඊශ්‍රායල ගුවන් හමුදාව සඳහන් කරයි.
හමාස් සංවිධානය එල්ල කරන ලද රොකට් ප්‍රහාර දෙකක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායලය සමත්ව තිබෙන අතර අද උදෑසන එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් විවෘත ප්‍රදේශයකදී පුපුරා ගොස් තිබේ. ප්‍රහාරවලින් දෙපාර්ශවයේ කිසිවකුටත් හානි සිදු වී නැතැයි ද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd