ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර ඇත. මෙය මැදපෙරදිගට සාමය උදා කිරීමේ ක්‍රියාවලියේ මීට බොහෝ කලකට පෙර ගතයුතුව තිබූ පියවක් බව ඇමරිකානු ජනපතිවරයා තවදුරටත් පවසයි.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දෝලනය වෙමින් පැවති මෙම පෞරාණික නගරයේ අවසාන ඉරණම දුෂකර එකක් වූ අතර රටවල් දෙක අතර ඇති ගැටුමේ මූලික කරුණු අතරින් එකකි.
මතභේදයට තුඩුදුන් මෙම තීන්දුව සම්බන්දව විචාරකයන් පවසන්නේ මෙය දශක ගනනාවත් පුරා පවත්වාගෙන ආ ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්ති කණපිට පෙරළීමක් බවයි.
ට්‍රම්ප්ගේ මෙම තීරණය ඓතිහාසික එකක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කලත් ට්‍රම්ප්ට විරුද්ධ අන්තර්ජාතික ප්‍රජාව සහ මාධ්‍ය මේ සම්බන්ධව දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි ස්වාධීන මාධ්‍ය වාර්තා කර ඇත.
මෙය නින්දිත තීරණයක් බවත් ඇමෙරිකාව තවදුරටත් සාමය ආරක්ෂා කරන්නෙකු නොව සාමය බිදින්නකු බවත් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පවසයි.
මේ අතර ඇමෙරිකාවේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් 15දෙනාගෙන් අට දෙනකුම පවසා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාදවෙලා හරි මෙවැනි තීරණයක් ගත්තු එකනම් හොඳයි. ඓතිහාසික තීරණයක්... !!!
පෞරාණික නගරයේ අවසාන ඉරණම දුෂ්කර එකක් තමයි. ඒ අද නෙමෙයි. තව කල් තියෙනවා. එදාට ඉතින් යුදෙව්වන්ට හැංගෙන්න ගස් ගල් පවා ඉඩ දෙන්නේ නැහැ. එකම එක ගහක් හැරෙන්නට...
ඊස්‍රායලයේ අගනුවර මොකක් වුණත් අපට ප්‍රශ්නයක් නැත. කරුණාකර අපි අපේ වැඩක් බලාගමු. මේවට අපි හොට දමන්නේ නැතුව ඉඳිමු. මේ ප්‍රශ්නෙදි අපි එක පැත්තක් ගත්තොත් අනිත් පාර්ශවය අනිවාර්යයෙන්ම අපිත් එක්ක තරහ වෙනවා. එ්ක නිසා අපි නිහඬව ඉඳිමු.
දශක ගණනාවකට පෙර ගත යුතුවූ තීරණයක්... ඊස්‍රායලයට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ මේ අරාබි කාරයෝ ටික තමයි.
ඊශ්‍රායලය අපට බොහෝ උදව් කර තිබෙනවා... කැරලි දෙකක් මැඩ පවත්වන්න. ඉස්සරහ එනවා වගේ පෙනෙන ලොකු ප්‍රශ්නයටත් ඒ ගොල්ලෝ ඕනේ වෙයි.
ට්‍රම්ප් යනු උද්ධච්ච උන්මන්තක පාලකයෙකි...
ගත්ත තීරණය බුද්ධිමත්