ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කර ඇත. මෙය මැදපෙරදිගට සාමය උදා කිරීමේ ක්‍රියාවලියේ මීට බොහෝ කලකට පෙර ගතයුතුව තිබූ පියවක් බව ඇමරිකානු ජනපතිවරයා තවදුරටත් පවසයි.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දෝලනය වෙමින් පැවති මෙම පෞරාණික නගරයේ අවසාන ඉරණම දුෂකර එකක් වූ අතර රටවල් දෙක අතර ඇති ගැටුමේ මූලික කරුණු අතරින් එකකි.
මතභේදයට තුඩුදුන් මෙම තීන්දුව සම්බන්දව විචාරකයන් පවසන්නේ මෙය දශක ගනනාවත් පුරා පවත්වාගෙන ආ ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්ති කණපිට පෙරළීමක් බවයි.
ට්‍රම්ප්ගේ මෙම තීරණය ඓතිහාසික එකක් බව ඊශ්‍රායලය ප්‍රකාශ කලත් ට්‍රම්ප්ට විරුද්ධ අන්තර්ජාතික ප්‍රජාව සහ මාධ්‍ය මේ සම්බන්ධව දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි ස්වාධීන මාධ්‍ය වාර්තා කර ඇත.
මෙය නින්දිත තීරණයක් බවත් ඇමෙරිකාව තවදුරටත් සාමය ආරක්ෂා කරන්නෙකු නොව සාමය බිදින්නකු බවත් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පවසයි.
මේ අතර ඇමෙරිකාවේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයන් 15දෙනාගෙන් අට දෙනකුම පවසා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනීයි
jonny Thursday, 07 December 2017 12:58 PM
ප්‍රමාදවෙලා හරි මෙවැනි තීරණයක් ගත්තු එකනම් හොඳයි. ඓතිහාසික තීරණයක්... !!!
nisar Thursday, 07 December 2017 01:35 PM
පෞරාණික නගරයේ අවසාන ඉරණම දුෂ්කර එකක් තමයි. ඒ අද නෙමෙයි. තව කල් තියෙනවා. එදාට ඉතින් යුදෙව්වන්ට හැංගෙන්න ගස් ගල් පවා ඉඩ දෙන්නේ නැහැ. එකම එක ගහක් හැරෙන්නට...
nimalThursday, 07 December 2017 07:48 PM
ලෝක ඉතිහාසය අනුව මෙය නිවැරදි තීරණයකි. ක්‍රි.ව 622 න් මෙපිට ලෝකය දකින මෝඩ රැලට මෙයට එකඟ විය නොහැකිය.
FaraFriday, 08 December 2017 03:01 PM
ඔව්, නිසාර්, ඔයා හරි... ඔය කියන ඒ ගහේ නම ලයිසියම්. ඒ නිසා ඒවගේ ගස් දැන් ඊස්‍රායල් වල ගොඩක් වවනවා. දරුණු යුද්ධයකින් පසු අවසානයට වෙන්නේ මොකක්ද කියලා යුද්ධ කරන දෙපාර්ශවයම දන්නවා යුද්ධය පටන් ගන්න කළින්ම.... යුද්ධයට සම්බන්ධ නැති කොහේදෝ යන අය අදහස් දානකොට තමයි හිනා යන්නේ...
de silva Thursday, 07 December 2017 03:15 PM
ඊස්‍රායලයේ අගනුවර මොකක් වුණත් අපට ප්‍රශ්නයක් නැත. කරුණාකර අපි අපේ වැඩක් බලාගමු. මේවට අපි හොට දමන්නේ නැතුව ඉඳිමු. මේ ප්‍රශ්නෙදි අපි එක පැත්තක් ගත්තොත් අනිත් පාර්ශවය අනිවාර්යයෙන්ම අපිත් එක්ක තරහ වෙනවා. එ්ක නිසා අපි නිහඬව ඉඳිමු.
tonyFriday, 08 December 2017 01:57 PM
කවුරු තරහා වුණත් අපි නම් ගන්නේ ඊස්‍රායලයේ පැත්තට. ඊස්‍රායලයේ ජනතාව බුද්ධිමත් කොටසක්... මෝඩ අරාබි කාරයින්ට වඩා....
ajith Friday, 08 December 2017 12:15 PM
දශක ගණනාවකට පෙර ගත යුතුවූ තීරණයක්... ඊස්‍රායලයට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ මේ අරාබි කාරයෝ ටික තමයි.
sam Friday, 08 December 2017 01:16 PM
ඊශ්‍රායලය අපට බොහෝ උදව් කර තිබෙනවා... කැරලි දෙකක් මැඩ පවත්වන්න. ඉස්සරහ එනවා වගේ පෙනෙන ලොකු ප්‍රශ්නයටත් ඒ ගොල්ලෝ ඕනේ වෙයි.
senewi Saturday, 09 December 2017 10:31 AM
ට්‍රම්ප් යනු උද්ධච්ච උන්මන්තක පාලකයෙකි...
sumeda Tuesday, 12 December 2017 04:48 PM
ගත්ත තීරණය බුද්ධිමත්