ඇමෙරිකාවට අයත් බී - 1බී වර්ගයේ බෝම්බ ප්‍රහාරක යානා කොරියානු අර්ධද්වීපයට ඉහළින් පියාසර කළ බව දකුණු කොරියාවේ යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
උතුරු කොරියාවට අනතුරු ඇඟවීම සඳහා ඇමරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වන දැවැන්ත යුද අභ්‍යාසයක එක් අංගයක් ලෙස මෙම යානා පියාසර කරවූ බව පැවසේ.
උතුරු කොරියානු දේශ සීමාවට කිලෝමීටර් 150ක් පමණ මෙපිටින් ඊසාන දිග ගැන්ග්වොන් පළාතේ මෙම යුද අභ්‍යාස පවත්වා ඇති අතර ගුවන් යානා 200කට වැඩි ප්‍රමාණයක් හා දහස් ගණනක යුද භටයන් මේ සඳහා සහභාගී වි ඇත. සඳුදා (4) ආරම්භ කෙරුණු යුධ අභ්‍යාස සිකුරාදා (8) දක්වා පැවැත්වීමට නියමිතය.
උතුරු කොරියාව මෙම යුද අභ්‍යාස හෙළා දැක ඇති අතර එය යුද්ධයක් සඳහා පෙරහුරුවක් බව පවසා ඇත. ට්‍රම්ප් ජනාධිපතිවරයා උමතු වී ඇති බවත් මෙය න්‍යෂ්ටික යුද්ධයකට මග පාදන ක්‍රියාවක් වනු ඇති බවත් ඔවුන් තවදුරටත් පවසා ඇත.
යුද්ධයක් ආරම්භ වුවහොත් උතුරු කොරියාව සම්පූර්ණයෙන් විනාශ වියහැකි බවට ඇමරිකාව පසුගිය සතියේ අනතුරු ඇඟවූයේ ය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යුධ උන්මාදයෙන් පෙලෙන අමෙරිකාව ඉතාමත් ඉක්මණින් ඉල්ලාගෙන කනවා. ලෝක ඉතිහාසයට අනුව අධිරාජ්‍යයන් විනාශ වුණා වගේ අමෙරිකාවේ පැවැත්ම ස්වභාවධර්මයට අනුව තීරණය වෙයි. අමෙරිකාව තරම් ලෝකයේ අනිත් රටවලට ඇගිල ගහපු වෙනත් රටක් නූතන ඉතිහාසයේ නැතිතරම්. රට රටවල් වල අහිංසක ජනතාවට කරන සෟජු සහ වක්‍රාකාර හිංසාපීඩා වලට ස්වභාවධර්මයෙන් ලැබෙන දඩුවම හිතාගන්නවත් බැරිවේවි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන බළල් අතක් අටවාගෙන අමෙරිකාවට තියෙන අයිතිය මොකක්ද තමන්ගේ රටෙන් කි.මි. දහස්ගනනකට එහා තියෙන රටක් ආසන්නයේ යූධ අභ්‍යාස පවත්වන්න. මෙතන ඇත්ත කථාව මේකයි, උතුරු කොරියාවෙන් අසල්වැසි රටවලට (විශේෂයෙන් ජපානයට සහ දකුණු කොරියාවට) න්‍යෂ්ටික තර්ජන එල්ලවනතාක් කල් අමෙරිකාවට ජපානයේ සහ කොරියාවේ කදවුරැ පවත්වාගෙන යන්න පුලුවන්. අවිගත්තෝ අවියෙන්ම නසිති.
යාබද චීනය සහ රුසියාව අස්ථාවර කිරීම සඳහා ඇමරිකාව උතුරු කොරියාව කෝප ගන්වා යුද්ධයකට පටලවා ගන්න සැලසුමක් ඇති බව පේනවා .මෙය තේරුම් ගෙන ඇති චීනය මෙයට ප්‍රති උත්තර ලෙස දැවැන්ත යුධ අභ්‍යාසයක යෙදී ඇත .
අැමෙරිකාව යනු තමන්ගේ අැහේ පොල් පරාල නෙමේ පොල් ගස් තියාගෙන අනික් රටවල් පොල් කෙඳි හොයනවා. සියලුම වර්ගයේ අපරාධ එළිපිට කරන රටක්. මැරෙන්න පණ අදින සී.අයි.එ් නිලධාරියෙක් කියලා තියෙනවා, බොබ්මාලේ මිය ගිය පිළිකාවට හේතු වුණු පිලිකා කාරකය බොබ්මාලේගේ සිරුරට අැතුල් කලේ ඔහු කියලා. හැබැයි කෙදිනක දී හෝ අැමරිකාව හදපු වඩපු නයි ඔවුන්ටම කනු අැත. අැමෙරිකාව හදපු න්‍යෂ්ඨික බෝමබම තමා.... අද ඔවුන්ට එරෙහි උතුරු කොරියානු අවි වෙලා තියෙන්නේ...
කව්රු මොනවා කීවත්, ඇමරිකාවට තවම ලෝකෙම බයයි. ගොඩක් අය කියනවා අද ගහනවා, හෙට ගහනවා කියලා. ඒත් ගහපු එකෙක් නෑ...
කිම් ගේ කට විතරයි. ගහනවා නම් ගහන්න පුතේ.... කියකියා ඉන්නේ නැතිව. ඇමරිකාව පස්සේ ගිහින් දියුණු වෙච්ච දකුණු කොරියාවේ වැඩට අපේ රටින් කොල්ලෝ යවන ගමන් ලංකාවේ කාලකන්නි උතුරු කොරියාව එක්ක හිට ගන්නවා. ඇමරිකාවට සහ දකුණු කොරියාවට විරුද්ධව. අපි චීනේ පස්සේ, පාකිස්තානේ පස්සේ, ඊස්‍රායලය, රුසියාව පස්සේ ගිහින් යුද්දේ දිනුවා වගේ දකුණු කොරියාවට, ජපානෙට, එහෙම ඇමෙරිකාව තමයි උදව් කරන්නේ. ඕක ඉතින් ලෝක ස්වභාවයනේ. මොකෝ දැන් ඉන්දියන්කාරයෝ කොටින්ට උදව් කලේ නැද්ද? බැරිවෙලා හෝ යුද්ධයක් පටන් ගත්තොත් හිඟන අපිට කෙලවෙන්නේ එහෙ ඉන්න අපේ කොල්ලන්ගේ රස්සාවට වදිද්දී. දැන් චීන්නුත් ලංකාව එක්ක යුද අභ්‍යාස කරන්නේ ඉඳල හිටලා ඉන්දියාවට පාර්ට් එක දාන්න. ඕක තමයි ලෝක දේශපාලනේ කියලා කියන්නේ.