රිච්ටර් මාපාංක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදුවී ඇතැයි වාර්තා වේ. සිකුරාදා (15) රාත්‍රී 10.17ට පමණ සිදුවූ මෙම භූකම්පනයෙන් දෙදෙනකු මියගොස් හත් දෙනකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. මධ්‍යම ජාවා හි රෝහලකට සහ ගොඩනැගිලි සියයකට පමණ හානි සිදුවී ඇත.
ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ කම්පනයේ අපි කේන්ද්‍රය ජාවා දූපතේ ටසික්මලායා නගරයට කිලෝමීටර් 52ක් නිරිත දෙසින් සහ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 92ක් ගැඹුරින් පිහිටා ඇති බවයි.
ඉන්දුනීසියාවේ ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් ජාවා දූපතේ දකුණු ප්‍රදේශයට පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කලද සුනාමි ඇති නොවීය. සුනාමියක් ඇතිවේ යැයි බියෙන් ජනතාව නිවෙස් වලින් ඉවත්ව ආරක්ෂිත පෙදෙස් කරා ගමන් කිරීම හේතුවෙන් මාර්ග වල වාහන තදබද ඇතිවූ බව වාර්තා විය.
ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරයේ ගොඩනැගිලි ද තත්පර ගනනක් සෙලවුනු බව පැවසේ.
මෙම කම්පනයෙන් පැය කිහිපයකට පසු රිච්ටර්මාපාංක 5.7ක කම්පනයක් ද තවත් පසු කම්පන රැසක් ද ජාවා දූපතේ බටහිර කොටසේ සිදුවී ඇතැයි ඉන්දුනීසියානු ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
ජාවා දූපත ඉන්දුනීසියාවේ වැඩිම ජනගහනයක් සිටින දූපතය ලෙස සැලකේ.
(රොයිටර් ඇසුරිණි - 085)


2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාවා දූපතේ භූකම්පනයෙන් දෙදෙනෙක් මරුට