ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ෆ්ලින්ඩර් මාර්ගයේ ගමන්ගත් පදිකයන් පිරිසක් වෙත මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් 15දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙල්බර්න් නගර මධ්‍යස්ථානය සිද්ධියෙන් පසු වසා දමා ඇති අතර වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබූ අය අතර පෙරපාසැල් වියේ පසුවන දරුවකු සිටින බවත් ඔහුගේ හිසට තුවාල සිදු වී ඇති අතර තත්ත්වය බරපතල බව වෛද්‍යවරු පවසති.
පොලිසිය පවසන්නේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි. ෆ්ලින්ඩර් වීදීය මෙල්බර්න් නගරයේ කාර්ය බහුලත්වයෙන් වැඩිම මාර්ගයක් බව පැවසේ.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රියදුරු බස් හෝ ත්‍රීවීල් පදවන කෙනෙක්ද?
මාත් ඔය අනතුර උන තැනින් පාර මාරු වෙන කෙනෙක් ... වාසනාවට එදා මන් විනාඩි 5 පරක්කු උනා.... මෙහෙ පොලිසිය ඇත්ත වසන් කරනවා ...මෙය තනිකර තස්ත්‍රවාදී ක්‍රියාවක් ...මේ සිද්ධිය කරන අතරේ තවත් කෙනෙක් එය වීඩියෝ කරමින් සිටියදී ඇරෙස්ට් කලා... ඒ කියන්නේ මේක ප්ලැන් කරලා කරපු වැඩක් ....