මියන්මාරයේ රඛයින් පළාතේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පසුගිය අගෝස්තු 24වනදා සිට සැප්තැම්බර් 24දක්වා කාලය තුළ රෝහින්ග්‍යාවරුන් 6700ක් පමණ මියගොස් ඇතැයි සරණාගතයින් සම්බන්ධව කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.
මෙඩිසින්ස් සෑන්ස් ෆ්‍රොන්ටියරස් නම් සංවිධානය සිදු කරන ලද මෙම සමීක්ෂණයෙන් හෙළි වි ඇත්තේ මෙම කාලය තුල මියගොස් ඇති මුළු සරණාගතයින් ප්‍රමාණය 9000ක් පමණ වන අතර එයින් සියයට 71ක් පමණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගොස් ඇති බවත්ය.
මියගොස් ඇති අයගෙන් 1000ක් පමණ අවුරුදු පහට අඩු දරුවන් බවද සොයාගෙන ඇත.
සමීක්ෂණය සිදු කල සංවිධානය වෛද්‍යවරුන්ගෙන් සමන්විත වන අතර අන්තර්ජාතික මානවවාදී සේවා සපයන රාජ්‍ය නොවන සංවිධානයකි.
දැනට බංගලාදේශයේ කඳවුරු වල රැදී සිටින සරණාගතයින් සමග සාකච්ඡා කර මෙම දත්ත රැස් කළ බව මෙඩිසින්ස් සෑන්ස් ෆ්‍රොන්ටියරස් සංවිධානයේ අධ්‍යක්ෂ සිඩ්නි වෝං පවසයි.
මෙම කාලය තුළ රෝහින්ග්‍යා සරණාගතයින් 647000ක් පමණ බංගලාදේශයට පලාගොස් ඇති බවද ඔහු පවසයි. චෝදනා ප්‍රතික්ෂේප කරන මියන්මාර හමුදාව පවසන්නේ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මෙම පිරිස මියගොස් ඇති බවයි.
(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කියන ඒවා බොරු. ලංකාවෙන් වෙන රටවලට පලා යන දෙමළ, මුස්ලිම් ජාතීන් වගේ මේ අයත් බොරු කියනවා ඇ.ි
ඔය එන් ජි ඕ කාරයෝ කියන ඒවා පිළිගන්නේ බටහිර අය තමයි. අපේ අවසන් සටනේ 40,000ක් මැරුණා කිව්වේ, ඒ අයම තමා.
අපේ හමුදාවටත් බටහිර රටවල් ඔය වගේම හැසිරුන හැටි අපිට මතකයි. කොටි මැරුණම උන් මළමිනී වලට පාසල් නිළ ඇඳුම් අන්දල ළමයි මරනව කිව්ව. ළමයින්ට වෙපන් දීල සයනයිඩ් කරල බෙල්ලෙ බැඳල ඉදිරි ආරක්ෂක වලල්ලට පොඩි වුන් එව්වේ කොටි දෙවන ආරක්ෂක වලල්ලට හමුදා ප්‍රහාර එල්ල වෙන එක විනාඩි 5ක් නතර කරන්න. හැබැයි ඒක ඔය ජාත්‍යන්තර මාධ්‍ය එකක්වත් වාර්ථා කරේ නෑ. මිනිසුනි අවධියෙන් ඉන්න.
මෙවන් සමීක්ෂණ වලින් අපේ රට ගැන කියපු පට්ටපල් බොරුඅපට මතකයි.
මේ වගේ සිදුවීම් වලදී බටහිර මාධ්‍ය පමණක් මූලාශ්‍ර කරගෙන නිවැරදි තොරතුරක් දැනගන්න බෑ..............