ජාවා දූපතේ භූකම්පනයෙන් දෙදෙනෙක් මරුට
රිච්ටර් මාපාංක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සිදුවී ඇතැයි වාර්තා වේ. සිකුරාදා (15) රාත්‍රී 10.17ට පමණ සිදුවූ මෙම භූකම්පනයෙන් දෙදෙනකු මියගොස් හත් දෙනකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති. මධ්‍යම ජාවා හි රෝහලකට සහ ගොඩනැගිලි සියයකට පමණ හානි සිදුවී ඇත.