ජෝර්දානයේ හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 11 දෙනකු මියගොස් ඇති අතර පෞරාණික පෙට්‍රා නගරයේ පමණක් විදෙස් සංචාරකයන් 4000ක් පමණ ඉවත් කල බව බලධාරීහු වාර්තා කරයි.
අම්මාන් අගනුවරට නිරිත දිගින් පිහිටි මඩාබා නගරයේ අතුරුදන් වු පස්දෙනකු සොයා හෙලිකොප්ටර් යානා සහ මුදවා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇතැයි පැවසේ.
පෙට්‍රා නගරයේ අඩි 13ක් පමණ උසට ගංවතුර ඉහළ ගොස් ඇති බවත් සති කිහිපයක් තිස්සේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවත් කාලගුණ අංශ වාර්තා කර ඇත.
එසේම තවත් දින කිහිපයක් ඉදිරියට වර්ෂාව පවතිනු ඇති බවත් ඔවුහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd