ඇමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති නව සම්බාධකවලට එරෙහිව ඉරාන ජාතිකයන් පිරිසක් විරෝධතාවයක් ඇරඹුහ.                                                              

ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ඇති මෙම විරෝධතාවයට දහස් ගණනක් පිරිස් එක්ව සිටිති.                          

   
එහිදී ඇමෙරිකානු කොඩිය බිම දමා ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට විරෝධී සටන් පාඨ කියමින් ඔවුහු විරෝධතාවයේ නිරත වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.      

                          
2015 වසරේ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අනුව ඉවත් කළ සම්බාධක සියල්ල යළි පැනවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කිරිමත් සමඟ එයට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වේ.          

                           
ඉරානයට පනවා ඇති දැඩිම සම්බාධක පෙළ මෙය වන බවත් එම සම්බාධක බලශක්ති, නාවික හා බැංකු කේෂ්ත්‍ර ඉලක්ක කර ගැනේ.

(28535)