එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වසර 9කට පසුව එරිත්‍රියාව පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඒකමතිකව තීරණය කර ඇත.
ආයුද සම්බාධක, වත්කම් අත්හිටුවීම, සංචාරක ගමන් තහනම් කරමින් මෙම සම්බාදක පනවනු ලැබුවේ 2009 වර්ෂයේදීය. සෝමාලියාවේ අල්-ෂබීබ් සටන්කාමීන්ට සහාය දැක්වීම නිසා මෙම සම්බාදක පනවා ඇති අතර එරිත්‍රියාව හැම විටම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමේ යෝජනාව එක්සත් රාජධානිය විසින් කෙටුම්පත්ක කර ඇති අතර එරිත්‍රියාව සහ අසල්වැසියන් අතර සම්බන්ධතා ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ කැමැත්ත ලබා දී ඇත. මෙම එකඟතාවය ඇති වූයේ ඉතියෝපියාව සමඟ දශක දෙකක අමනාපයකින් පසුවයි. මෑකතදී ඇමරිකා එක්සත් ජනපදයේ අනුබලයෙන් එරිත්‍රියානු නායකයෝ සෝමාලියාවේදී ඒකාබද්ධ සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළහ.
සෝමාලියා නායකයෝ ,එරිත්‍රියානු නායකයෝ සහ ඉතියෝපියා නායකයෝ උතුරු ඉතියෝපියාවේදී ගිය සතියේදී හමුවී කලාපීය ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන අවදානය යොමු කරන ඇත.
එරිත්‍රියානු විදේශ ඇමති ඔස්මාන් මොහොමඩ් සැප්තැම්බරයේ මහා මණ්ඩල සැසියේදී තම රටට සම්බාදක පැනවීම නුසුදුසු බවත් මේ නිසා ඔවුන්ගේ ආර්ථිකයට සැලකිය යුතු
හානියක් සිදු වූ බවත් තමන්ට විවිධ දුෂ්කරතා ඇති වූ බවත් පවසා සිටියේය. වර්ෂ 1990 මුල් කාලකයේදීය එරිත්‍රියාව ඉතියෝපියාවෙන් නිදහස ලබා ගෙන ඇති අතර පසුව දේශසීමා අර්බුද නිසා යුද්දයක් ඇති වී ඇත. එරිත්‍රියාවට බටහිරින් සූඩානයත්, දකුණින් ඉතියෝපියාවත්, නිරිත දිගින් ඩිජිබෝට් මායිම්ව පිහිටි අප්‍රිකානු රටකි.
- 63226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd