IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වසර 9කට පසු සම්බාධක ඉවතට


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වසර 9කට පසුව එරිත්‍රියාව පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට ඒකමතිකව තීරණය කර ඇත. 

ආයුද සම්බාධක, වත්කම් අත්හිටුවීම, සංචාරක ගමන් තහනම් කරමින්  මෙම සම්බාදක පනවනු ලැබුවේ  2009 වර්ෂයේදීය. සෝමාලියාවේ අල්-ෂබීබ් සටන්කාමීන්ට සහාය දැක්වීම නිසා මෙම සම්බාදක පනවා ඇති අතර එරිත්‍රියාව හැම විටම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමේ යෝජනාව එක්සත් රාජධානිය විසින් කෙටුම්පත්ක කර ඇති අතර  එරිත්‍රියාව සහ අසල්වැසියන් අතර සම්බන්ධතා ගොඩනැගීමට එක්සත් ජාතීන්ගේ කැමැත්ත ලබා දී ඇත. මෙම  එකඟතාවය ඇති වූයේ  ඉතියෝපියාව සමඟ දශක දෙකක අමනාපයකින් පසුවයි. මෑකතදී ඇමරිකා එක්සත් ජනපදයේ අනුබලයෙන් එරිත්‍රියානු නායකයෝ  සෝමාලියාවේදී ඒකාබද්ධ සහයෝගීතා ගිවිසුමක් අත්සන් කළහ. 

සෝමාලියා නායකයෝ ,එරිත්‍රියානු නායකයෝ සහ ඉතියෝපියා නායකයෝ  උතුරු ඉතියෝපියාවේදී ගිය සතියේදී හමුවී කලාපීය ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන අවදානය යොමු කරන ඇත. 

එරිත්‍රියානු  විදේශ ඇමති ඔස්මාන් මොහොමඩ්  සැප්තැම්බරයේ මහා මණ්ඩල සැසියේදී  තම රටට සම්බාදක පැනවීම නුසුදුසු බවත් මේ නිසා ඔවුන්ගේ ආර්ථිකයට සැලකිය යුතු 

හානියක් සිදු වූ බවත් තමන්ට විවිධ දුෂ්කරතා ඇති වූ බවත් පවසා සිටියේය. වර්ෂ 1990 මුල් කාලකයේදීය එරිත්‍රියාව ඉතියෝපියාවෙන් නිදහස ලබා ගෙන ඇති අතර පසුව දේශසීමා අර්බුද නිසා යුද්දයක් ඇති වී ඇත. එරිත්‍රියාවට බටහිරින් සූඩානයත්, දකුණින් ඉතියෝපියාවත්, නිරිත දිගින් ඩිජිබෝට් මායිම්ව පිහිටි අප්‍රිකානු රටකි. 

- 63226   



අදහස් (0)

වසර 9කට පසු සම්බාධක ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site