‘ඔබාමාගෙයි ට්‍රම්ප්ගෙයි එච්චර වෙනසක් නෑ‘ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා මහතා සහ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අතරේ සැලකිය යුතු වෙනසක් නැතැයි රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා පවසයි. 30 November 2017
උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි බලසම්පන්න අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද (29) නිවේදනය කළේය. 29 November 2017
රෝහින්ග්‍යා සරණාගතයින්ට බංගලාදේශයේ දූපතක් වෙන් කෙරේ අසල්වැසි මියන්මාරයේ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පලා ආ රෝහින්ග්‍යා සරණාගතයින්ට තාවකාලික නිවාස සකස් කිරීම සඳහා බෙංගාල බොක්කේ පිහිටි බෂාන් චා දූපත සංවර්ධනය කිරීමට බංගලාදේශ රජය සැලසුම් කර ඇත. 29 November 2017
රුසියාවේ චන්ද්‍රිකාව අතුරුදහන් රුසියාව අභ්‍යවකාශගත කළ මීටියෝ - එම් නම් කාලගුණ චන්ද්‍රිකාව සමඟ තිබූ සියලු සබඳතා ගුවන්ගත කර පැය කිහිපයකට පසු බිඳවැටුණු බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි. 28 November 2017
ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරන්න යයි ඉන්දුනීසියාවේ බාලි දූපතේ අගුන් ගිනි කන්ද පිපිරීමට ආසන්න බවට කළ අනතුරු ඇඟවීම් හේතුවෙන් ලක්ෂයක් පමණ පිරිසක් ඉවත්කරනු ලැබ ඇතැයි වාර්තා වේ. 28 November 2017
පාප්තුමෝ බුරුම සංචාරයක අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද (27) බුරුමය හෙවත් මියන්මාරයට සැපත්වූහ. ලොව බහුතරයක් වෙසෙන කතෝලිකයන්ගේ ‘රෝමානු කතෝලික පල්ලියේ’ නායකයා වන පාප්වහන්සේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන මියන්මාරයට පැමිණියේ එරටට ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවලින් වාර්ගික සුද්දයක් කරන බවට චෝදනා එල්ල වී තිබෙන මොහොතකය. 27 November 2017
ඉස්ලාමාබාද් නුවර ගැටුම්වලින් 200කට තුවාල විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දෙවැනි දිනයටත් පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්නුවර ගැටුම් ඇති වී තිබේ. පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව ගැටුම් හේතුවෙන් හය දෙනකු මියගොස් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. 26 November 2017
ඉරානයෙන් යුරෝපයට අනතුරු ඇඟවීමක් යුරෝපය ඉරානයට තර්ජනය කළහොත් මිසයිලවල පරාසය වැඩි කරන බව ‘ඉරාන විප්ලවීය ආරක්ෂක බලාකායේ’ දෙවැනියා ප්‍රකාශ කර ඇතැයි එරට ‘ෆාර්ස් පුවත් සේවය’ වාර්තා කරයි. 26 November 2017
බෝට්ටු අනතුරෙන් සරණාගතයන් 31ක් මරුට ලිබියාවට එපිටින් මුහුදු තීරයේදී සරණාගතයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 31දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 26 November 2017
රොහින්ග්‍යා ගැන ගිවිසුමක් බංගලාදේශය සහ මියන්මාරය අද (23) රොහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹ තිබේ. ඒ අනුව හමුදාව දියත් කරන ලද ප්රචණ්ඩත්වය නිසා බංගලාදේශයට පලාගිය රොහින්ග්යවරුන් නැවත මියන්මාරය වෙත ලබාදීම වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. 23 November 2017
සිරියානු යුද්ධය නැවැත්වීම නව අදියරකට සය අවුරුද්දක් මුළුල්ලේ පවතින සිරියානු යුද්ධය නැවැත්වීමේ ක්‍රියාවලිය නව අදියරකට පිවිස ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි. 23 November 2017
අය වැය හදද්දී යුරෝපා සංගම් රටවල් හයක් නීති කඩලා යුරෝපා සංගමයේ සාමාජික රටවල් හයක් ඔවුන්ගේ ජාතික අයවැය සැකසීමේදී එම සංගමයේ නීතිරීති කඩකරනු ඇතැයි යුරෝපා කොමිසම සඳහන් කරයි. 22 November 2017
ප්‍රංශ කතුන්ට පඩි නැතිව වැඩ කරන්න වෙලා ස්ත්‍රී හා පුරුෂ වැටුප් විෂමතාව ඉවත් කර සැමට සමානව සැලකීය යුතුය යනුවෙන් මේ දිනවල ප්‍රංශයේ සමාජ කථිකාවක් ඇරඹී ඇත. 22 November 2017
පැරිස් ප්‍රහාරයේ මහ මොළකරු ගොළුවෙයි පසුගිය 2015 නොවැම්බර් 13 වැනි දා සාහසික ප්‍රහාරය එල්ල වුයේ 80,000ක් නරඹන්නන් සිටි පැරිස් පාපන්දු ක්‍රීඩාංගනය, පැරිස් කලාප අංක 10 හි රසිකයෝ දෙදහක් පිරි ඵෙතිහාසික 22 November 2017
බෝම්බ ප්‍රහාරයකින් නයිජීරියාවේ 50ක් මරුට නයිජීරියාවේ නැගෙනහිර අදමාවා පළාතේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50 දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 22 November 2017
‘උතුරු කොරියාව ත්රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වනවා‘ ත්රස්තවාදයට රාජ්‍ය අනුග්‍රහය දක්වන රටවල් ගොන්නට උතුරු කොරියාව ද ඇතුළත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා කටයුතු කර තිබේ. 21 November 2017
රුසියානු-සිරියානු ජනපතිවරු සාකච්ඡාවක සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් මහතා මොස්කව් නුවරදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවෙමින් සිරියානු අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. 21 November 2017
අතුරුදන් වු සබ්මැරීනයේ කාර්මික දෝෂයක් නාවිකයන් 44දෙනකු සමඟ පසුගිය බදාදා (15) අතුරුදන් වූ ආජන්ටිනාවට අයත් සබ්මැරීනයේ කාර්මික දෝශයක් හටගෙන ඇති බවත් එයින් නිකුත් වූ අවසාන පණිවුඩයේ සඳහන් වූයේ යැයි ආජන්ටිනා නාවික හමුදාව පවසයි. 21 November 2017
2030 ගල් අඟුරු භාවිතය නැවැත්වීමට රටවල් 50ක ජාත්‍යන්තර සන්ධානයක් වසර 2030 වනවිට බලශක්තිය ජනනය කිරීමේදී ගල් අඟුරු යොදා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමට ජර්මනියේ බොන් හි පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්බන්ධ සාකච්ඡාවලදී තීරණය වී තිබේ. 17 November 2017
බිම්බෝම්බ ඉවත්කරන්න ජර්මනියෙන් සිරියාවට යුරෝ මිලියන 10 ක් උතුරු සිරියාවේ රකා නගරයේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා යූරෝ මිලියන 10ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ජර්මානු රජය තීරණය කර ඇතැයි එරට ‘හැන්ඩල්ස්බ්ලොට්’ පුවත්පත අද (17) වාර්තා කළේය. 17 November 2017
සුකී නිහඬ නැති බව කියයි රොහින්ග්‍යා අර්බුදයේදී තමන් නිහඬව නොසිටි බව එල්ල වූ චෝදනාවලට පිළිතුරු දෙමින් මියන්මාරයේ නායිකා අවුන් සාන් සූකී ප්‍රකාශ කරයි. 16 November 2017
ග්‍රීසියේ ගංවතුරෙන් 15 ක් මරුට ග්‍රීසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 15 දෙනෙකු පමණ මියගොස් 37ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 16 November 2017
ආර්ථික වර්ධනයෙන් යුරෝපය ඉදිරියෙන් මේ වසරේ තෙවැනි කාර්තුවේදී යුරෝපා කලාපයේ ආර්ථික වර්ධනය ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය ඉක්මවා ගොස් තිබේ. මීට දශකයකට පෙර යුරෝපා කලාපයේ මූල්‍ය වෙළෙඳපොළවල සිදු වූ කඩා වැටීමට පසු එම කලාපයේ වාර්තා වූ හොඳම වසර මෙයයි. 14 November 2017
යුරෝපා රටවල් නව ආරක්ෂක ගිවිසුමකට යයි ආරක්ෂක සහයෝගීතාව වැඩි කරගැනීමේ අරමුණ ඇතිව යුරෝපා සංගමයේ රටවල් 23ක් නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ. 14 November 2017
නවදිල්ලිය විස මීදුමකින් වැසෙයි නිර්දේශ කර තිබෙන වායුවලට දස ගුණයකින් වැඩි විස සහිත මීදුම සහ දුම මිශ්‍ර ඝණ පටලයකින් අසල්වැසි ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නුවර වැසී ගොස් ඇතැයි වාර්තා වේ. 13 November 2017
ආයෝජකයන්ට චීනයේ දොරටු ඇරෙයි දේශීය මූල්‍ය ව්‍යාපාරවල විදෙස් හිමිකාරීත්ව සීමාව ඉහළ නංවන බව චීන රජය අද (9) නිවේදනය කළේය. 13 November 2017
ඉරාන-ඉරාක දේශ සීමා ආසන්නයේ භුමිකම්පාවෙන් 332 ක් මරුට ඉරාන ඉරාක දේශසීමාව ආසන්න ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපකාංක 7.3ක ප්‍රභලත්වයකින් යුතු භූමිකම්පාවකින් 332 ක් මිය ගොස් අවම වශයෙන් 2500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි දෙරටේ මාධ්‍ය වාර්තා කරයි. 13 November 2017
දකුණූ අන්ද්‍රා හි බෝට්ටුවක් පෙරළී 16 ක් මරුට ඉන්දියාවේ දකුණු දිග අන්ද්‍රා ප්‍රදේශයේ ක්රිෂ්ණානම් ගංගාවේ ගමන්ගත් බෝට්ටුවක් ගිලී යාමෙන් 16දෙනක් මියගොස් ඇතැයි වාර්තා වේ. යාත්‍රාවේ 38 දෙනෙකු ගමන්කර ඇති බවද ඉන් 20දෙනකු බේරාගත් බවද බලධාරීහු පවසති. 13 November 2017
ට්‍රම්ප්ට උතුරු කොරියාවෙන් ප්‍රතිචාර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඔහුගේ පළමු ආසියානු සංචාරයේදී හෙතෙම විනාශකයකු බව පෙන්නුම් කර ඇතැයි උතුරු කොරියාව පවසයි. එමෙන්ම ඔහු කොරියානු අර්ධද්වීපයේ යුද්ධයක් වෙනුවෙන් ඉල්ලා ඇතැයි ද උතුරු කොරියාව ප්‍රකාශ කරයි. 11 November 2017
අන්තර් ශාන්තිකර නායක හමුව අවුලක අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වයේ රටවල් 11 නායකයන්ගේ හමුව සැලසුම් කළ පරිදි සිදු නොවූ බව බලධාරීහූ අද (10) ප්‍රකාශ කළහ. 10 November 2017
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026