ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් ගමන්ගත් ගුවන්යානය දුමකින් පිරීම හේතුවෙන් යානය ආපසු හරවා ගොඩබස්වා ඇතැයි වාර්තා වේ.
එය සුළු තාක්ෂණික ගැටලුවක් බවත් සියලු දෙනා ආරක්ෂා සහිතව සිටින බවත් මෙලනියාගේ ප්‍රකාශකයෙකු පවසා ඇත.
කෙසේ වුවද යානයේ ගමන්ගත් මගීන්ට ආරක්ෂිත උපක්‍රමයක් ලෙස මුහුණට තබාගැනීම සඳහා තෙත තුවා ලබාදී තිබූ බව පැවසේ.
ෆිලඩෙල්ෆියාව වෙත ගමන් කිරීම සඳහා ගුවන්ගතවූ යානය ගමන් ආරම්භ කර විනාඩි දහයකට පසු මෙම තත්ත්වය උදාවී ඇත.
පසුව වෙනත් ගුවන් යානයකින් මෙලනියා ෆිලඩෙල්ෆියාව වෙත ගමන් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙය ඇය තනිව ගමන් කළ දීර්ඝතම චාරිකාව වන අතර එහිදී ඇය ඝානාව,මලාවි, කෙන්යාව සහ ඊජිප්තුව යන අප්‍රිකානු රටවල් වෙත ගමන් කළේය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමියට හිරිහැරයක් වෙන්න එපා. පොඩි දරුවෙක් ඉන්න මවක්.