ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර නන්ගහාර් පළාතේ ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සාමාන්‍ය වැසියන් 14දෙනකු පමණ ඝාතනය වී ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවද ඇෆ්ගන් බලධාරීන් පවසා ඇත්තේ සොදිසි මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන් ඝාතනය වී ඇත්ද යන්න සම්බන්ධව සොයා බලන බවයි.

තලේබාන් සහ අයිඑස් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පෙදෙසේ ක්‍රියාකාරීව සිටින අතර නන්ගහාර් නගරාධිපතිවරයා පවසන්නේ මියගොස් ඇත්තේ සාමාන්‍ය වැසියන් ද කැරළිකණ්ඩායම් සාමාජිකයන්ද යන්න තහවුරු වී නොමැති බවයි.

සිද්ධිය ඇසින් දුටු අය පවසා ඇත්තේ අහින්සක පිරිමින්, ගැහැණුන් හා කුඩා දරුවන් ඇෆ්ගන ආරක්ෂක අංශ විසින් මරාදැමූ  බවයි.

(බීබීසී ඇසුරිණි - 085)