IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලයන් එයාර් ගුවන් යානය මුහුදට කඩා වැටේ

ජකර්තා නුවරින් ගුවන් ගමන් ආරම්භ කළ ලයන් එයාර් ගුවන් සේවයට අයත් ගුවන්  යානයක්  මුහුදට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.    

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරයේ සිට පැන්ග්කාල් පිනෑන්ග් දක්වා ගමන් ගත් බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයකි. එහි ගමන් ගත් මගීන් 189 දෙනා සහ කාර්ය මණ්ඩලය අනතුරට පත්ව ඇත.
  
ගුවන් ගත කර මිනිත්තු කිහිපයකට පසුව ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමඟ තිබූ රේඩාර් සම්බන්ධතා බිඳවැටී ඇති අතර විනාඩි 13කට පසුව ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටී තිබේ.
  

ජේටී 610 ගමන් අංක සහිත ගුවන් යානය ජකර්තා වේලාවෙන් 29 වැනිදා (සදුදා)  පෙ.ව 6.20 ට ජකර්තා නුවරින් ගමන් අරඹා පැයකට පසුව ගුවන් ගමන් නිමා කිරීමට නියමිතව තිබුණි.

ගුවන් යානය මීටර 30 - 40 ගැඹුරට කඩා වැටී ඇති බව ජාතික සෙව්ම් හා මුදාගැනීම් ආයතනයේ ප්‍රකාශකයෙක් වන යුෂුෆ් ලැටිෆ් ඒඑෆ්පී වෙත පැවසුවේය.  

වැඩිහිටි මගීන් 178, ළමයෙක්, ළදරුවෝ දෙදෙනෙක්, ගුවන් නියමුවෝ දෙදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් ගුවන් යානය තුළ සිට ඇති බව ඉන්දුනීසියාවේ ජාතික ගමනාගමන ආරක්ෂක කමිටුව පවසයි.  

අනතුරට පත් වූ ගුවන් මගීන්ගේ ඥාතීන් අනතුරට පත් වූවන් වෙනුවෙන් දෙවියන් යැදිමින් සිටිති.  

ඇමරිකා එක්සත් ජනපදයේ බෝයිං සමාගම මේ අනතුර සම්බන්ධව ගැඹුරින්ම කණගාටුව ප්‍රකාශ කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වීමට අවශ්‍ය තාක්ෂණික සේවා සැපයීමට කැමැත්ත පලකර ඇත.

ඉන්දුනීසියාව විශාල දූපත් සමූහයකින් යුක්ත බැවින් ගුවන්ගමන් පදනම් කරගත්  ප්‍රවාහනය සේවයක් දක්නට ලැබේ. නමුත් එම සේවාවන්ගෙන් බොහෝ ඒවා දුර්වල සහ අනාරක්ෂිත ගුවන් සේවාවන් වේ.   

ඡායාරූප - ඒඑෆ්පී අනුග්‍රහයෙනි

-63226



අදහස් (1)

ලයන් එයාර් ගුවන් යානය මුහුදට කඩා වැටේ

nimal Tuesday, 30 October 2018 10:20 AM

එම ගුවන් යානයේ ගමන් ගත් සියලුම අයවලුන්ටන්ට ,අයෙ මෙවැනි අකල් මරණයක් , කිසිදු දාක සිදු නොවෙවයි ප්‍රර්ථනා කරමි,නිදුක් නිරෝගී භාවයෙන් , යහපත් තැනක ඉපදීමට වාසනාව ලැබේවා..

:       1       85

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site