IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම හෙට විවෘත කෙරේ

චීනයේ හොංකොං සහ මැකාවු නගර යාකරමින් ඉදිකර ඇති ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම හෙට (23) විවෘත කෙරෙන බව චීන මාධ්‍ය වාර්තා කර ඇත. පාලමේ දිග කිලෝමීටර් 55කි.

ඇමරිකානු ඩොලර් බිලියන 20ක් මෙම පාලම සඳහා වියදම් වී ඇති බව පැවසේ. 

පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී ජින්පිං සහභාගි වන බවත් පාලම ජනතාවට විවෘත කිරීම අනිද්දා (24) දිනයේ සිදුවනු ඇති බවත් චීන බලධාරීහු පවසති.

පාලම ඉදිකිරීම සඳහා වසර 09ක් ගතවී ඇති අතර මෙහි වැඩ කටයුතු 2016 වසරේ නිම කිරීමට සැලසුම් කර තිබී ඇත.

මෙම පාලම ඉදිකිරීමත් සමඟ මැකාවු සහ හොංකොං අතර ගමන් කිරීමට ගතවන පැය 03ක කාලය විනාඩි 30ක් දක්වා අඩු වෙයි.

කෘත්‍රීම දූපතක් යා කරමින් දිවෙන උමගක් හරහා ද පාලම ගමන් කරයි.

(සිඑන්එන් ඇසුරිනි - 085)

 

 



අදහස් (2)

ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම හෙට විවෘත කෙරේ

Kasun Tuesday, 23 October 2018 04:51 AM

මම දන්න විදිහට හොංකොං සහ චීනය අතර මේ පාලමට කලින් ඉදිකල පාලමක් තියෙනවා, නමුත් එය මෙතරම් දිග නෑ. ඒ පාලම තියෙන්නෙ චීනයේ ෂෙන්ජෙන් නගරය සහ හොංකොං ගුවන්තොටුපොල යාකරමිනුයි. කලින් වෙනම රටක් ලෙස පැවතුන හොංකොං පසුව චීනයට අයත් උනත් තවමත් සෑහෙන වෙනස්කම් තියෙනවා. හොංකොං වල වාහන ධාවනය කරන්නෙ අපේ රටේ වගේ පාරෙ වම් පැත්තෙන් (බ්‍රිතාන්‍ය ක්‍රමය ) උනත් චීනයේ එය දකුණුපසින් (ඇමරිකානු ක්‍රමය ). මේ පාලම් ඔස්සේ නගර දෙක අතර ධාවනයවන වාහන වලට රටවල් දෙකට අයත් අංක තහඩු දෙකක් ඇති අතර දේශ සීමාව (තවමත් දේශ සිමාවක් පවතිනවා) පසුකල පසු පාරේ අනිත් පැත්තෙන් ධාවනය කලයුතුයි.

:       2       110

nishantha Tuesday, 23 October 2018 09:02 AM

කසුන් ඔබේ අදහස් අගෙයි නමුත් නමුත් මේ පාලමෙන් යා කෙරෙනුයේ හොන්කොන් හා මැකාවු බැවින් දෙරටේම වාහන පැදවීම දකුණෙනි ...චීනයේ පැදවීම වමෙනි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site