චීනයේ හොංකොං සහ මැකාවු නගර යාකරමින් ඉදිකර ඇති ලෝකයේ සාගරයක් මතින් දිවෙන දිගම පාලම හෙට (23) විවෘත කෙරෙන බව චීන මාධ්‍ය වාර්තා කර ඇත. පාලමේ දිග කිලෝමීටර් 55කි.

ඇමරිකානු ඩොලර් බිලියන 20ක් මෙම පාලම සඳහා වියදම් වී ඇති බව පැවසේ. 

පාලම විවෘත කිරීමේ අවස්ථාවට චීන ජනපති ෂී ජින්පිං සහභාගි වන බවත් පාලම ජනතාවට විවෘත කිරීම අනිද්දා (24) දිනයේ සිදුවනු ඇති බවත් චීන බලධාරීහු පවසති.

පාලම ඉදිකිරීම සඳහා වසර 09ක් ගතවී ඇති අතර මෙහි වැඩ කටයුතු 2016 වසරේ නිම කිරීමට සැලසුම් කර තිබී ඇත.

මෙම පාලම ඉදිකිරීමත් සමඟ මැකාවු සහ හොංකොං අතර ගමන් කිරීමට ගතවන පැය 03ක කාලය විනාඩි 30ක් දක්වා අඩු වෙයි.

කෘත්‍රීම දූපතක් යා කරමින් දිවෙන උමගක් හරහා ද පාලම ගමන් කරයි.

(සිඑන්එන් ඇසුරිනි - 085)