IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මාධ්‍යවේදී ජමාල් ගැන රටවල් තුනකින් නිවේදනයක්

ලන්ඩන්හිදීය (රොයිටර්)

සෞදි අරාබිය මාධ්‍යවේදී ජමාල් කශෝජිට සිදුවූයේ කුමක්දැයි   විශ්වාසනීය පැහැදිලි කිරීමක් කළ යුතු යැයි බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අද (21) සඳහන් කළේය. 

සති දෙකක් මුළුල්ලේ ජමාල් කශෝජිගේ මරණයට කිසිදු සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කළ සෞදි අරාබිය සෙනසුරාදා (20) තුර්කියේ සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ සිදු වූ ගැටුමකින් කශෝජි මරණයට පත්වූ බව ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදී ජමාල් මරණයට පත්වූ බෙල්ල හිර කිරීමෙන් යැයි එම ප්‍රකාශයෙන් පැයකට පසු සෞදි නිලධාරියෙක් පැවැසීය. 

“කිසිදු ආකාරයකින් මෙම ඝාතනය සාධාරණීයකරණය කරන්න බැහැ. අපි හැකි සෑම අයුරකින්ම මෙය හෙළා දකිනවා” යැයි එම රටවල් තුන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

“ඇත්තටම සිදුවූයේ කුමක් ද පිළිබඳ පැහැදිලි කිරීමක් කළ යුතුව තිබෙනවා. එය කඩිනමින් කළ යුතු අතර එය විශ්වාසනීය විය යුතුයි. සෞදිය විමර්ශන කරමින් කල්පිතයක් නිර්මාණය කර තිබෙනවා. එය කිසිසේත් පිළිගන්න බැහැ. ඒ නිසා කරුණු සාක්ෂි සහිතව විශ්වාසනීය පැහැදිලි කිරීමක් කළ යුතුයි” යැයි එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන්ව ඇත.

මෙම ඝාතනයට වගකිව යුත්තන්ට එරෙහිව කඩිනමින් නිසි පියවර ගත යුතු බව ද එම රටවල් අවධාරණය කර ඇත. 

055



අදහස් (0)

මාධ්‍යවේදී ජමාල් ගැන රටවල් තුනකින් නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site