ජමාල් කෂොක්ජි ඝාතනය වීමට පෙර සෞදි අරාබිය සමාජය මාධ්‍ය තුළ කෘතිම බුද්ධිය (කෘතිම ගිණුම්) භාවිත කරන ආකාරය හෙළිදරව් කිරීමට සූදානම් සිටි බව ඔහු මිතුරකු අනාවරණය කර ඇත.
ඔක්තෝබර් 2 වැනිදා තුර්කියේ පිහිටි සෞදි කොන්සියුලර් ගිය අතර එදිනම ඔහු සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනය වූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.
මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි පසුගිය කාලයේදී අන්තර්ජාලය ඔස්සේ හිරිහැරයට ලක්වූ බව ද එම මිතුරා සඳහන් කර ඇත.
ජමාල් කෂොක්ජිගේ මිතුරකු වන ඔමාර් අබ්දෙලාසිස් එම කරුණු සඳහන් කර ඇති අතර ඔහු දැනට කැනඩාවේ ජීවත් වෙයි. ‘යුරෝනිවුස්’ පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු එම කරුණු සඳහන් කර ඇති අතර තමන් සහ කෂොක්ජි ව්‍යාපෘති කිහිපයකදීම එකට වැඩ කළ බව පවසා ඇත. ආණ්ඩුවට හිතවාදී සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීම වෙනුවෙන් තමන් හා ජමාල් කෂොක්ජි එක්ව රාජකාරි කළ බව ඔහු පවසා තිබේ.
ජමාල් සහ තමන් මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියා කරනවිට ජමාල් ට්විටර් සමාජ ජාලය තුළ ඉලක්කයක් වූ ද ඔමාර් ‘යූරෝනිවුස්’ පුවත් සේවයට පවසා ඇත.
“මම අවුරුදු තුනක ඉඳලා ජමාල් දන්නවා. මම දේශපාලනිකව ඔහු සමඟ එකඟ නැහැ. මොකද ඔහු නිලධාරීන් සමීප සබඳතාවක් පැවැත්වූවා” යැයි ඔමාර් පවසා තිබේ.
“එහෙත් 2017 වසරේ ජමාල් සෞදියෙන් පැමිණි පසු දේවල් වෙනස් වෙන්න ගත්තා. අපේ මිත්‍රත්තවය වැඩි වුණා. අපි හැම දවසකම වගේ මුණ ගැසුණා” හෙතෙම සඳහන් කර තිබේ.
ජමාල් කෂොක්ජි සහ සෞදි අරාබි රාජධානිය විවේචනය කරන්නන්ට අන්තර්ජාලය ඔස්සේ හිරිහැර කිරීමට සෞදි අරාබිය අන්තර්ජාල හමුදාවක්ම යොදා තිබූ බව පසුගිය සෙනසුරාදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි.
ඩේලිමේල්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd