තායිවානයේ යිලාන් කවුන්ටිහි දී මගි දුම්රියක් අනතුරට ලක්වීමෙන් 17දෙනකු පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
දුම්රිය බලධාරීන් පවසන්නේ තුවාල ලැබූ පිරිස130ක් පමණ වන බවයි. තවත් 30දෙනකු පමණ සිරවි සිටිතැයි විශ්වාස කරන බවද බලධාරීහු පවසා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 310ක් පමණ ගමන් කර ඇත.
දුම්රිය මැදිරි කිහිපයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති අතර අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
තායිපේ සිට නැගෙනහිර වෙරළබඩ නගරයක් වන ටායිටුංග් වෙත ගමන් කරමින් තිබූ දුම්රිය අධික වේගයෙන් ගමන් කර ඇති බවද වාර්තා වී ඇත.
හදිසි වෛද්‍ය කණ්ඩායම් ගිනි නිවන හමුදාව හා ආරක්ෂක අංශ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා එක්වී සිටිති.
(බිබිසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායිවානේ දුම්රිය අනතුරකින් 17 ක් මරුට