තායිවානයේ යිලාන් කවුන්ටිහි දී මගි දුම්රියක් අනතුරට ලක්වීමෙන් 17දෙනකු පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 
 
දුම්රිය බලධාරීන් පවසන්නේ තුවාල ලැබූ පිරිස130ක් පමණ වන බවයි. තවත් 30දෙනකු පමණ සිරවි සිටිතැයි විශ්වාස කරන බවද බලධාරීහු පවසා ඇත.
 
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 310ක් පමණ ගමන් කර ඇත.
 
දුම්රිය මැදිරි කිහිපයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති අතර අනතුරට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
 
තායිපේ සිට නැගෙනහිර වෙරළබඩ නගරයක් වන ටායිටුංග් වෙත ගමන් කරමින් තිබූ දුම්රිය අධික වේගයෙන් ගමන් කර ඇති බවද වාර්තා වී ඇත.
 
හදිසි වෛද්‍ය කණ්ඩායම් ගිනි නිවන හමුදාව හා ආරක්ෂක අංශ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා එක්වී සිටිති.
 
 
(බිබිසී ඇසුරිණි -  085)