ජකර්තාහිදිය (රොයිටර්)

මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි ඝාතනය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බව සෞදි අරාබියේ විදේශ අමාත්‍ය අදෙල් අල් ජුබයිර් අද (23) පැවැසීය. 
 
“ඝාතනයේ අනාවරණය නොවූ කරුණු සොයා බැලීම සඳහා අපි කණ්ඩායමක් පිටත් කළා” යැයි ඉන්දුනීසියාවේදී මාධ්‍යවේදීන් හමුවේ සෞදි විදේශ අමාත්‍යවරයා කීය.
 
සෞදි විදේශ අමාත්‍යවරයා ඉන්දුනීසියාවේ නිල සංචාරය නිරත වී සිටි.
 
පිටත් කරන ලද කණ්ඩායම තුර්කි බලධාරීන් සමඟ ඒකාබද්ධ පරීක්ෂණයක් කරන බවද හෙතෙම කීවේය. 
 
තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයේදී මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතන කෙරුණු බව මේ වනවිට අනාවරණය වී ඇත.
 
“පැහැදිලි, විශ්වාසනීය, පුළුල් හා සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට අපි කැපවෙනවා. සත්‍ය අනාවරණය කිරීමටත් ඝාතනයට වගකිව යුතු පිරිස් නීතිය ඉදිරිය ගෙන ඒමටත් කටයුතු කරනවා” යැයි සෞදි විදේශ අමාත්‍යවරයා කීය.
 
මෙම මාධ්‍ය හමුවට ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරයා ද එක්ව සිටියේය. 
 
055