IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජමාල් කෂොක්ජි ඝාතනය ගැන පරීක්ෂණයක් පවත්වන බව සෞදි විදෙස් ඇමැති කියයි

ජකර්තාහිදිය (රොයිටර්)

මාධ්‍යවේදී ජමාල් කෂොක්ජි ඝාතනය සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරන බව සෞදි අරාබියේ විදේශ අමාත්‍ය අදෙල් අල් ජුබයිර් අද (23) පැවැසීය. 
 
“ඝාතනයේ අනාවරණය නොවූ කරුණු සොයා බැලීම සඳහා අපි කණ්ඩායමක් පිටත් කළා” යැයි ඉන්දුනීසියාවේදී මාධ්‍යවේදීන් හමුවේ සෞදි විදේශ අමාත්‍යවරයා කීය.
 
සෞදි විදේශ අමාත්‍යවරයා ඉන්දුනීසියාවේ නිල සංචාරය නිරත වී සිටි.
 
පිටත් කරන ලද කණ්ඩායම තුර්කි බලධාරීන් සමඟ ඒකාබද්ධ පරීක්ෂණයක් කරන බවද හෙතෙම කීවේය. 
 
තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයේදී මාධ්‍යවේදී ජමාල් කශෝගී ඝාතන කෙරුණු බව මේ වනවිට අනාවරණය වී ඇත.
 
“පැහැදිලි, විශ්වාසනීය, පුළුල් හා සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට අපි කැපවෙනවා. සත්‍ය අනාවරණය කිරීමටත් ඝාතනයට වගකිව යුතු පිරිස් නීතිය ඉදිරිය ගෙන ඒමටත් කටයුතු කරනවා” යැයි සෞදි විදේශ අමාත්‍යවරයා කීය.
 
මෙම මාධ්‍ය හමුවට ඉන්දුනීසියානු විදේශ අමාත්‍යවරයා ද එක්ව සිටියේය. 
 
055



අදහස් (1)

ජමාල් කෂොක්ජි ඝාතනය ගැන පරීක්ෂණයක් පවත්වන බව සෞදි විදෙස් ඇමැති කියයි

Kumar Wednesday, 24 October 2018 01:58 AM

ඔය කියන්නේ බොරුබව කියන්න ඕනේ නැහැනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site